Saturday, September 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home Editor's Choice ‘‘එජාප නායකත්වයේ වෙනසක් සිදු වන්නේ නෑ‘‘ වජිර ! නායකයා සජිත් විය...

‘‘එජාප නායකත්වයේ වෙනසක් සිදු වන්නේ නෑ‘‘ වජිර ! නායකයා සජිත් විය යුතුයි ! නලින්

0
48
Ranil sajithඑක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවත් තවදුරටත්  පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කොළඹදී පැවැසීය.පක්ෂයේ ව්‍යවස්ථාවට  අනුව  පක්ෂ සම්මේලනයක් කැඳවා රනිල් වික්‍රමසිංහ මහතා නායකයා ලෙස තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තු කණ්ඩායමට රැස්වී  පක්ෂ නායකත්වය තීරණය කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා  සඳහන් කළේය.සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද (15) එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.

පක්ෂ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු  මන්ත්‍රී කණ්ඩායමට පක්ෂ නායකත්වය මාරු කිරීමේ හෝ ඉවත් කිරීමේ හෝ කිසිඳු බලයක් නොමැති බවත් පැවසූ මන්ත්‍රීවරයා  මහමැතිවරණයෙන් පසු තේරී පත්ව එන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂයේ ප්‍රධාන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ  සාමාජිකයන් පක්ෂය ඉදිරියට ගෙන යාම සඳහා ක්‍රියාකළ යුතුව  ඇති බවත් සඳහන් කළේය.

එක්සත්  ජාතික පක්ෂයේ නායකත්වයේ කිසිඳු වෙනසක් මේ වෙලාවේ සිදු නොකිරීම  පක්ෂයේ අභිවෘද්ධිය සඳහා ගත යුතු ඉතාම වැදගත් තීරණයක් බවත් ඔහු කියා සිටියේය.

නායකත්වය සම්බන්ධයෙන් කුමන රැස්වීමක් තිබුණත්  අමුතු තීරණයක් නොලැබෙන බවත් කී මන්ත්‍රීවරයා පක්ෂයේ ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන බලවේග සියල්ලක්ම  නියත වශයෙන්ම පරාජය කරන බවත් වැඩිදුරටත් පැවැසීය.

මේ අතර ඊයේ පැවැති මාධ්‍ය හමුකදි මන්ත්‍රි නලින් බණ්ඩාර කියා තිබුනේ මෙවන් අදහසකි.
එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සම්බන්ධයෙන් අද (16දා) දිනයේ පැවැත්වෙන රැස්වීමේදී අවසන් තීරණයක් නොගන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ග ඔස්සේ කටයුතු සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

පක්ෂ නායකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට මේ වනවිට ප්‍රමාද වී ඇති බවත්, කුමන තීරණයක් හමුවේ වුවද ඉදිරි මහමැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වන බවත්, විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Exit mobile version