එජාප සම්මේලනයට අද යෝජනා 3 ක් !

0
57

UNPප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ පක්ෂ සම්මේලනය අද (3) උදේ 9ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ පක්ෂ සම්මේලනයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය තහවුරු කිරීම ඇතුළුව තවත් යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට නියමිතය.
බලය බෙදා හැරිම,මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ සහ අගමැතිවරයාගේ එකගතාවය මත ක්‍රියාත්මක වන විධායකජනාධිපතිධුරය යන්න මේ යෝජනා 3 වේ .