‘ එතුමා කැමතිම දර්ශනය තමයි ,සංදර්ශනය’

0
176

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම යහපාලනය වෙනුවෙන් දස වැදෑරුම් වැඩ පිළිවෙළක් මත ගොඩ නගනු ලබන සම්මුතිවාදී මහජන ගිවිසුම හෙවත් සමගි බලවේගය රැස්වූ අගොස්තු 22 වනදා කලාකරු චන්ද්‍රගුප්ත තේනුවර මහතා විසින් , මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී කළ කතාව.

” අපි ඇයි මෙබදු අවස්ථාව සහයෝගය දියයුත්තේ. මේක හැමදාම පොරොන්දු දේශපාලනයක් තිබෙන රටක්. ඒක හැමදාම අවසන් වෙන්නේ පළමුවෙනි චිත්‍රපටයේ නමින්.ඒ තමයි, කඩවුණ පොරොන්දුව. හැමදාම කඩවුණු පොරොන්දුවකට තමයි ගිහිල්ලා තියෙන්නේ.  නමුත් ප්‍රතිපත්ති රකින  සමාජයකට යන්ඩ අවශ්‍යතාවය තියෙනවා. 2005 වගේ කාලෙකදී අපි කැමතිවුණේ කම්කරු ඇමතිවරයෙක් වගේ ජනාධිපති වෙනවට.ඒ නිසා තමයි අපි කැමතිවුණේ ධීවර ඇමතිවරයෙක් ජනාධිපතිවරයෙක් වෙනවට. ඒත් මොකද  වුණේ ඒ කම්කරු ඇමතිවරයා ජනාධිපති වෙලා ,කම්කරුවෙකට වෙඩිතිබ්බා. ඊට පස්සේ  ඒ ජනාධීපතිවරයාම යටතේ ධීවරයෙකුත් වෙඩි පහර කෑවා. දැන් රතුපස්වල  ජනතාව සමස්ත ජනතාව වෙනුවෙන්ම වෙඩිකෑමට ලක්වෙලා තිබෙනවා. දැන් අපි ඇවිත් තියෙන්නේ මේ සමාජ නාටකයේ උච්චතම අවස්ථාවකට. මෙය වෙනස්කර ගත යුතුයි. මෙය වෙනස්කර ගන්න ,හුදෙක් අපිට දේශපාලන පක්ෂ වලට විතරක් කියලා ඉන්ඩ බැහැ. දැන් විපක්ෂය නිදි, විපක්ෂය වැඩක් නැහැ කියන කාරණය තවදුරටත් වැඩක් නැහැ.
ඒ නිසා තමයි කිසිම පක්ෂයකට සාමාන්‍යයෙන් කඩේ නොයන මම , මම කලාකරුවෙක් හැටියට මට පක්ෂයක් නැහැ. මම විතරක් නෙමෙයි මේ රටේ තවත් නිදහස් කලාකරුවෝ ඉන්නවා.  ඔවුන් කතා කරනවා. කලාකරුවන්  කතා කළයුත්තේ කෙසේද යන්න හමුදාවට පවරන අවදියකට ඇවිල්ලා ඉන්නේ..
අර ඉගිලෙන මාලුවන් දැන් බැදගෙන කන කලාව. දැන්  හමුදාවත් එක්ක
මේ සුන්දර කොළඹ නගරය කියලා අලුතෙන් එකක් හදලා තියෙනවා. මම හිතන්නෙ ඒක ඉතාම අමානුෂීය නගරයක් වෙලා  තියෙනවා. අද මානුෂීයත්වය කොළඹීන් ඈත් කරලා තිබෙනවා.  දැන් කොළඹ සිට ගාල්ල දක්වාම දැන් රතු ගඩොල් අල්ලලා සුන්දරකරණය වීතිබෙනවා,
දැන් බලන්ඩ විහාරදේවී උද්‍යානය සම්පූර්ණයෙන්ම විනාශ කරලා. ඇවිදින්නේ කොහොමද කියලා කියන්නේ හමුදාව. නිදහසේ ඇවිදින මිනිස්සු 5දෙනෙක් හොයාලා බැලුවොත් එයින් දෙන්නෙක් සාමාන්‍ය මිනිස්සු තුන්්දෙනෙක් හමුදාවේ කට්ටිය. ඇවිල්ලා කියනවා කොහොම ද ඇවිදින්නේ කියලා.
මේ වෙලාවේ මෙතන ඇවිදින්ඩ බැහැ. මේක හතිදමන මංතීරුව. මේකේ හතිදාගෙන ඇවිදින්ඩ.මේක මහා වරප්‍රසාද ලත් ජනතාවගේ. ඒ විදිහට මේකේ හැම දෙය්ම වෙනස් කරලා තියෙන්නේ. එහෙම රටක් නෙමෙයි අපට අවශ්‍ය. ඒ වුණාට ත්‍රස්තවාදයෙන් බැටකෑවා කියන වෙලවෙත් අපි ලග බය තිබුණා. එතකොට මේ කොළඹ මිනිස්සු බෝම්බ වලට බය විතරයි තිබුණේ. කොළඹ ඇවිදින්ඩ තිබුණා, කොළඹීන් පිටත තමයි ඇවිදින්ඩ ප්‍රශ්න තිබුණේ. දැන් යුද්ධයත් ඉවර කරලා ,එතුමා ඉතා කැමති දර්ශනයක් තිබෙනවා , එක් තමයි සංදර්ශනය. සංදර්ශනය කරලා තමය ජීවත්වෙන්ඩ හදන්නේ. හදිසි නීතිය අයින් කරලා ක්‍රමයෙන් අපට නොපෙනෙන අදිසි නීතියක් පනවලා තිබෙනවා. අදිසි නීතිය පනවපු සමාජයකට නෙමෙයි අපි යන්ඩ ඕනා ඒ නිසා අපි කර්නල්වරු , කපිතාන්වරු  බලයට පත්වෙලා තියෙන සමාජයකටනෙමෙයි අපි යන්ඩ ඕනා. දිසාපාතිගේ සිට ග්‍රාම නිලධාරියා දක්වා හමුදාකරනය කරමින් සිටින සමාජයකටයි අපි යන්නේ. ඒ නිසා සියලූම ජනතාවට මින්පස්සේ රැකෙන්ඩ ඕනා නම් මින්පස්සේ හමාදාවට බැදෙන්ඩ වෙයි.
අපි බපොරොත්තු වන නිදහස් සමාජය ක් වෙනුවෙන් මෙබදු සම්මුතියක් ඇති කිරීම වෙනුවෙන්,
පෙරමුණ ගත්  සියලු දෙනාටම සුබාශිංසන පතනවා. ඒ  වගේම නිදහස් හැම පුරවැසියෙක්ගෙන්ම  ඉල්ලා සිටිනවා පක්ෂ පාට බලන්නේ නැතිව  තමන්ගේ දේශය තමන්ට ගොඩනැගිය හැකි ඉතාමත් සම්මුති, සමගි  බලවේගයත් සමග එකතු වෙන ලෙස.”
samagi_3
දස වැදෑරුම් වැඩ පිළිවෙළක් මත ගොඩ නගනු ලබන සම්මුතිවාදී මහජන ගිවිසුම හෙවත් සමගි බලවේගය අගෝස්තු 22 වන බ්‍රහස්පතින්දා සවස 2.00ට කොළඹ මහජන පුස්තකාලයේදී එළිදැක්වීනි.  මේ සදහා විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ මාධ්‍ය සංවිධාන රැස්වී මෙම කෙටුම්පතට  එකගතාවය පළ කරමින්  අත්සන් කළ අතර. එහිදී  විපක්ෂනායකතුමා ඇතුළු අනෙකුත් වාමාංශික පක්ෂ නායකයන්ද සිවිල් සංවිධාන නායකයන් ද ජනතාව අමතා කතා අදහස් පළකළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here