එතෙර අපි ඉතාලියේ සිසිලියටත්

0
101

           etheraappi 3

විදේශගත ශ්‍රී ලාංකීකයන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම  වෙනුවෙන්  මේ වන විට ලෝකය පුරා රටවල් 30 ක්‍රියාත්මක වන එතර අපි සංවිධානයේ තවත් එක් ශාඛාවක් ඉතාලියේ මෙස්සීනා නගරයේ පිහිටුවනු ලැබිනි.
   පක්ෂ පාට, ආගම් , ජාති බේදයකින් තොරව රටවිරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනට ජුනි මස 25 දින මෙස්සිනා නගරයේ වෙසෙන ශ්‍රී ලාංකීකයන්ගේ  සහභාගිත්වයේන් පිහිටුවාගනු ලැබිනි. මෙම අවස්ථාවේ එතෙර අපි සංවිධානයේ සභාපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නේත්ති මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ  සම්බන්ධ විය.  ඉතාලියේ කොමියුනිස්ට් පක්ෂයේ මෙස්සිනා නගරයේ කැදවුම්කරුගේ ආරාධනයේන් පැවති මේ සඳහා තරුණ තරුණියන් නියෝජනය දක්නට ලැබිනි

එතෙර අපි සංවිධානයේ මෙස්සිනා ශාඛාවේ නිලධාරි මණ්ඩලයට පත්වූවන්,

සභාපති, ප්‍රේමරත්න මෙන්ඩිස් මහතා
ලේකම්, සෝමමසිරි ජයමහ මහතා
භාණ්ඩාගාරික, රොෂාන් උදිත මහතා
උප සභාපති, ගොඩ්වින් කල්දේරා මහතා
උප ලේකම්, මනුර තමෙල් මහතා

විධායක සභිකයන්,
චමින්ද ජයරත්න මහතා
අන්ටන් සුමේද කුරේරා මහතා
සංක කහදවාරච්චි මහතා…

           රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ කාර්යක්ෂම සේවාවක් වෙනුවෙන් ඉල්ලීම් කරන අත්සන් පෙත්සමක් මේ වන විට රෝමය නාපොලි හා අනෙකුත් නගර වල ක්‍රියාත්මක අතර එය සිසිලියේ මෙස්සීනාහීද ආරම්භ කරමින් එයට දායකවීම මගින් තම සංවිධානයේ ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති ප්‍රේමරත්න්න මහතා සඳහන් කරන ලදි.