එදා ලංසලා එරෙහිවු වත්තල ලාදුරු රෝහල දැන් නිරෝධන මධ්‍යස්ථානයක් ලෙසින් නවිකරණය කෙරේ !

0
379

( 06.30 am ) රට මුහුණු දුන් අභියෝගය හමුවේ රටේ පළමු නිරෝධාන මධ්‍යස්ථානය ලෙසින් රජය විසින් යෝජනා කර තිබුණ වත්තල ලාදුරු රෝහලට එදා නිමල් ලංසා ප්‍රමුඛ නඩය එරෙහිව නොවුයේ නම් කොරෝනා පිළිබද ලංකා ඉතිහාසය කතාව මිට වඩා බෙහෙවින් සුබ දායක වනු ඇත.
වරක් ඉතා නිවරදිව කි පරිද  ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරි අජිත් රෝහන මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මානව ඉතිහාසයේ නිරෝධානයට එරෙහිව පළමු සිදුවිම ලෙස මෙය ඉතිහාස ගත බව බවය.88237141_2896723547061075_5306183518680776704_o
ඔහුගේ බොහෝ විග්‍රහයන් හා අප එකඟ නොවුනද මේ ප්‍රකාශය තුල නිමල් ලංසා යනු කොයිතරම් මෝඩ උද්දච්ච දේශපාලකයෙකුදැයි දැන් වඩාත් පැහැදිලිව පෙනේ.
ලංසා විසින් උසිගැන්වු ඒ වත්තල නඩයට කුද ගහගන්නට යැයි කියා වත්තලින් එදා මෙය ආරම්භ කරන්නට පිටකොන්දක් තිබුණ දේශපාලන නායකත්වයක් තිබුනේ නම් කොරෝනා වෛරස් ප්‍රතිඵලයට ඒ තින්දුව බෙහෙවින්ම බලපාන්නට තිබුණි. එහෙත් අවාසනාවකට එවන් පිටකොන්දක් ජනපතිට හෝ අගමැතිට තිබුනේ නැත.
කිසිදු පරිචයක් නැති හැකර කටක් පමණක් ඇති සෞඛ්‍ය ඇමතිවරිය ගැන කථාකොට පලක් නැත.
කෙසේ වෙතත් රජය කොරෝනා පාලනය කිරිමට ගත් පළමු පියවරේදිම වෘත්තියභාවයකින් හා එඩිතර බවකින් කටයුතු නොකළ බව දැන් ඉතිහාසයට එක්ව හමාරය.
වත්තලට විසදුම ලෙසින් අතිදුෂ්කර නැගෙනහිර නිරෝධානය වෙනුවෙන් තෝරාගැනිම වනු අමන තකතිරු මරිමෝඩ විසදුමක් විය. ඉතාලියේ සිට පැමිණි අය පැය 25 කට වැඩිකාලයක් ගෙවා තවත් පැය 08 ක් නැගෙනහිරට යැමට ඇති අකමැත්ත තේරුම්ගැනිමට නොහැකි වු කි බෝඩ් බයියෝ සමාජ මාධ්‍ය වල ගොන්කතා ගොන්නක් ඇද බැවද අප තේරුම් ගත යුතු කටුක සත්‍යයක් තිබේ.
එනම් එසේ එන පිරිස කොළඹ මිගමුවේ තරු පංති හෝටල්වල නවත්වාගෙන් නිරෝධායනය කරන්නට පියවර ගත්තේ නම් ප්‍රථිපල කෙසේ විය හැකිව තිබුනේදැයි කල්පනා කරන්නට දැන් පමා වැඩිය. සියල්ල දැන් සිදුව හමාරය.

කෙසේ වෙතත් වත්තල හැදල ලාදුරු රෝහලට අයත් ගොඩනැගිලි තුනක් නවීකරණය කර කොවිඩි 19 වෛරසයට ගොදුරු වීෙමි අවදානමට ලක්වුවන් සදහා නිරෝධායන මධ්‍යස්ථානයක්  වශයෙන් ඔිනෑම අවස්තාවක යොදා ගැනිමට හැකි අයුරින් භාවිතා කිරිමට නවීන පහසුකමි සහිතව සුදානමි කර ඇති බව වැලිසර ලාදුරු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය අලූත්වීර මහත්මිය පැවසු බව ලංකාදිප පුවත් පත වාර්ථා කොට තිබේ.

විශේෂයෙන් සෞඛ්‍ය අංශයේ සේවයේ යෙදි සිටියේදි අවදානමට ලක්වුවන් සදහා මෙහි ප‍්‍රමුඛත්වය ලබා දිමට සැලසුමි කර ඇති බවද ඇය සදහන් කළ බව තවදුරටත් එහි සදහන්ය.

.


මුලාශ්‍රය – ලංකාදිප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here