
අදත් මීගමුව ප්‍රදේශයේ ජනතාවට කොරෝනා වසංගතය මැඩලීම සඳහා වන දෙවන එන්නත ලබාදීමට කටයුතු සූදානම් කර ඇති අතර මේ සඳහා ස්ථානය ලෙස තෝරාගෙන ඇත්තේ මාරිස්ටෙලා විද්‍යාලයයි.
පවතින තත්වය හමුවේ අසරණවූ ජනතාව තුළ තම ජීවිතය පිළිබඳව ඇත්තේ දැඩි බියකි. මේ වනවිට කොතරම් බියක් දැනී ඇතිදැයි රට පුරා ඒ වෙනුවෙන් එන්නත ලබාගැනීම සඳහා වන උනන්දුව අනුව පැහැදිලි වේ.
මාරිස්ටෙලා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවේ සිට ඒ භූමිය අවට මෙන්ඩිස් පාර දිගේ විශාල පෝලිමක් නිර්මාණය වී ඇත. ජනතාව එක්රැස්ව සිටින්නේ පාන්දර 3.00 සිටය.
සියළු කටයුතු පාලනය වන්නේ හමුදාවේ මෙහෙයවීමෙන්ය.
ඊයේ දිනයේදි අති විශාල ජනතාවක් එන්නත ලබාගැනිමට පැමිණ තිබුණි.
සැම්සන් ඥානසිරි




