“එන්නත් ක්‍රියාවලියට දේශපාලඥයින්ගේ බලපෑම් නතර නොකලොත් වෘත්තීය ක්‍රියාමාර්ග” -PHI

0
223

දිගින් දිගටම දේශපාලඥයින් විසින් එන්නත් ක්‍රියාවලියට සිදුකරමින් පවතින බලපෑම් නතර නොකරන්නේ නම් එයට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පැකිලෙන්නේ නැතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අනතුරු අඟවයි.

කොළඹ මහනගර සභා සීමාවේ එන්නත්කරණ වැඩසටහනට බලපෑම් කිරිමට දේශපාලඥයන් පිරිසක් උත්සහා දැරීම පිලිබඳව මාධ්‍ය හමුවේ අදහස් දැක්වු උපුල් රෝහණ “මහජන නියෝජිතයන් යැයි කියන මෙවැනි දේශපාලඥයින් නිසා සම්පූර්ණ එන්නත්කරණ වැඩසටහන අර්බුදයකට යන බවත් සෑබෑ ලෙසම එන්නත අවශ්‍ය පිරිසට එන්නත් හිඟ වන බවත්” පවසයි.

දේශපාලඥයින් විසින් එන්නත්කරණ වැඩසටහනය සිදුකරන බලපෑම නතර නොකරන්නේ නම් අනෙකුත් වෘත්තීය සමිති හා එක්ව දැඩි ක්‍රියාමර්ග සඳහා යොමු විමට සිදුවන බව උපුල් රෝහණ වැඩිදුරටත් පවසයි.