එන්නත් ප්‍රශ්ණය අවුලෙන් අවුලට ? 30ට වැඩි අයටද ? 60 ට වැඩි අයටද ? කොවිඩ් ඇමතිණියත් අර්බුදයක ..

0
87

කෝකියෝ වැඩිවු විට සුප් එක අවුල් වෙනවා යැයි ජනප්‍රිය කියමනක් තිබේ.ලංකාවේ කොවිඩ් පාලනය හා විශේෂයෙන්ම එන්නත් වැඩපිළිවෙල සම්බන්ධයෙන් බරපතල ගැටළු රැසක් පසුගිය දින කිපය පුරම මතුව තිබුණි.
එන්නත ලබාදිමේදි ප්‍රමුඛතාවය වැඩි අවදානම් ග්‍රාමසේවක කොට්ටාශලට යැයි කියා තිබුණද මිගමුවේදි එය ක්‍රියාත්මක වි තිබුනේ නගරාධිපතිවරයාගේ ගමෙනි.
එහෙත් වැඩිම අවදානම තිබුනේ මුන්නක්කරයට හා පිටිපන ප්‍රදේශවලටය.
ඉන් අනතුරුව මතුව තිබුන ගැටළුව වුයේ නගරාධිපතිවරයා උඩපැනගෙන සිය ගම වැල්ලවිදියට විදින්නට යැයි කියා තිබුනද එන්නත විදගැනිමට පැමිණ තිබුනේ ඉතාමත් සුළු පිරිසකි.
60 වැඩි අයට විදින්නේ නැතැයි කියා තිබිම නිසා පිටිපන ප්‍රදේශයෙන් වාර්තා වි තිබුනේ හිටපු නගරාධිපතිවරයා කොවිඩ් වැළදි සිටි අයෙකු වුවද ඔහුටද වයස 60 සිමාව බලපෑම නිසාම එන්නත විද ගැනිමට පලමු දවසේ නොහැකිව තිබුන බවය.
ලංකාවේ එන්නත මේ ආකාරයෙන් විහිලුවක් බවට පත්වෙද්දි ලොකයේ බොහෝ රටවලදි එන්නතට අදාලව ප්‍රමුඛතාවය දුන්නේ වයස්ගතවුවන් වෙතය.
දැන් තවත් අවුලකි.
ඊයේ මාධ්‍ය හමුවකදි රජය තුල මෙන්ම සෞඛ්‍ය බලධාරින් අතර කොවිඩ් පාලනය සහ එන්නත පිළිබදව ඇති තිරණ පිළිබදව ගැටුම ගැන ප්‍රසිද්ධ කරමින් පවසන්න යෙදුනේ 30 වැඩි සැමට එය ලබාදෙන බවය.


එහෙත් මිගමුවට අද ලැබි ඇති නිවේදනයක සදහන් වන්නේ 60 වැඩි අයට හෙට සිට එන්නත ලබාදෙන ස්ථාන පිලිබවදය .
කොවිඩ් ඇමතිණිය 30 ට වැඩියැයි කියද්දි හෙට සිට මිගමුවේ ක්‍රියාත්මක වන්නේ 60 වැඩි අයටය.

ඇමතිවරියගේ කතාව https://www.facebook.com/651184481665827/videos/796607714399359/