එන්නතෙන් මාටියා ගහන මිගමුවේ අකුරු තුනේ සතා කව්ද ?

0
91

මීගමුව මහනගර සභාව තුල පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ඇතැම් ඉහල පදවි දරන අය විසින් සිදුකරමින් සිටින විනය විරෝධි මගඩි නිසා එහි සේවය කරන ඇතැමුන් පවා මේ වන විට සිය පිළිකුල ප්‍රකාශ කරන්නට පටන් ගෙනය.
මිගමුවේ එන්නත්කරණය ලංකාවේ අන්තම දුෂිත එකක් වුවද ඒ ගැන රට කියන්නට මාධ්‍යවේදින් නොසිටිම නිසා එය මිපුර අපගේ හෙළිදරව කීරිම් වලට පමණක් සිමා විය.
මන්ද මිගමුවේ සිටින අති බහුතරයක් වාර්තාකරුවන් ලංසා පවුලේ ගෝලබාලයන් සේ හැසිරෙමින් සිටින නිසාය.
මේ දිනවල තවත් එන්නත් මගඩියක් ක්‍රියාත්මකය.
ඒ දරුවන්ට ලබාදිම සදහා රැගෙන විත් ඇති ෆයිසර් ඒන්නත මුල් කොට ගෙනය.
එන්නත්කරණ මධ්‍යස්ථානවලට පැමිණෙන සෞඛ්‍ය ලොක්කෙක් තැනින් තැන පසුගිය දිනවල එන්නත් කුප්පි එකතුකරගෙන විත් සිය දේශපාලන හාම්පුතාලාට ලබාදෙමින් සිටින බවට බරපතල චෝදනාවක් එල්ලවි තිබේ.
මෙසේ ලැබෙන එන්නත් යළිත් වරක් VIP ක්‍රමයට ලංසා පවු‌ලේ හිතුවතුන්ට ලබාදිමට කටයුතු මහනගර සභාව තුල සිදුවෙමින් තිබේ.
ලංසා පවුලට ඉතාමත් සමිප මිගමුවේ නගාරික මන්ත්‍රිවරයෙකුගේ පුතෙකුද මෙසේ VIP ක්‍රමයට මහනගර සභාව තුලදි එන්නත ලබාගත් පුවත දැන් ප්‍රසිද්ධ රහසකි.
මේ කුප්‍රකට එන්නත් මාෆියාව සම්බන්ධිකරණය කරන්නේ අකුරු තුනක නමක් ඇති අයෙකි.
දරුවන්ගේ ලබාදිමට ගෙන මේ එන්නත් හෝටල්වල ලොකු ලොක්කන්ට අලෙවි කොට ලැබෙන මුදලින් සාද පවත්වන ලංසා පවුලේ බඩියන් ගැනද දිනපතා තොරුතුරු ලැබෙමින් තිබේ.
එමෙන්ම මෙම එන්නත් මාෆියාවට සම්බන්ධ මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ ප්‍රධාන චරිත පිළිබද තොරතුරු සියල්ල නම් ගම් ඇතිව ලගදිම අප හෙළිදරව්ව කිරිමට සුදානමින් සිටිමු.
ඒ් දරුවන්ගේ දේත් හොරා කන අමන රැළ එළිකරනු පිණිසය.