එලඹෙන ඡන්දයේදී රොයිස් ඇතුලේ ඉඳියිද ? එලියේ ඉඳියි ද? ද

0
88

”ඉදිරියේ තිබෙන  ඡන්දයේදී   රොයිස් මහතා එලියේ ඉඳිද  ඇතුලේ ඉඳිද කියන සැකය තිබෙනවා. හේතුව පසුගියම නොවැම්බර් 26 දින නොවැ.26 වනදා එතුමාට ඇප ලැබීමට නියමිතව තිබුණා.
නොවැ,25 දා රාත්‍රියේ දී   එතුමාගේ නීතීඥ මහතා රජයේ නීතීඥවරිය සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළා. ඒතකොටත් කිව්වේ සියල්ල හරි කියලා. නමුත් අපි 26 දින උසාවියට යනකොට රජයේ නීතීඥවරියත් නැහැ.නඩුකාරවරියත් නැහැ.කිසිදු දැනුම් දීමකින් තොරව.
ප්‍රහේලිකාව තියෙන්නේ ඒකයි.අඩුගණනේ නඩුකාරතුමා එන්නේ නැත්තම් උසාවියට දැනුම් දෙනවා.රජයේ නීතිඥවරිය එන්නේ නැත්තම් උසාවියට දැනුම් දෙනවා.
නඩුකාරතුමා පරක්කුවෙලා එයි පරක්කුවෙලා එයි කිය කිය හැමෝම බලන් ඉන්නවා.නඩුකාරතුමා අවේ නැ.
ඉතින් දැන් අපිට දකින්න තියන ලොකුම දේ තමා එකම දේ රොයිස් මන්ත්‍රීතුමා බන්ධනාගාරගත  කළ මොහොතේ පටන් මේ මොහොත වෙනකන් ඇප දීමට සුදානම් වූ හැම විනිශ්‍යකාරවරයෙක්ම එක්කෝ මාරු කළා.
එහෙම නැත්තම් උසස් විමක් දීලා යැව්වා.
ඒ ආකාරයෙන් තමා ඉහල උසාවියට ආවේ.
ඉහල උසාවියේදීත් සිද්ධ වුනේ එතුමාට ඇපදෙන්න හිටපු විනිශ්‍යකාරතුමාව මාරු කරලා යැව්වා කොළඹට.  දැන් අපි  මාසයක් එකාමාරක් තිස්සේ විනිශ්‍යකාරතුමෙක් නැතුව  මේ නඩුව ඇදුනා.මේ නඩුව විතරක් නෙමෙ නඩු 300 ගාණක්.
ගිය සදුදා නඩුකාරතුමෙක් පත්වුනා උසාවියට නමුත් එතුමා ඇප දීමට සුදානම් වෙලා හදිස්සියේ නිවාඩු ගත්තා.”
මෙම ප්‍රකාශය බස්නාහිර පළාත්සභා මන්ත්‍රී රොයිස් විජිත මහතාගේ ගේ ලේකම්වරයා විසින් ප එ.ජා. පක්ෂ ජන්දපොල මට්ටමේ සමාජිකයින හට වගකීම් බෙදාදීමේ හා ඉදිරි මැතිවරණය මෙහෙයවීම පිළිබඳව සාමාජිකයින් දැනුවත් කිරීමේ රැස්වීමකදී සිදුකරන ලදී.
මෙම රැස්වීම මීගමුව කම්මල්තොට එකසත් ජාතික පක්ෂ සංවිධායක අකිල රංජිත් මහතාගේ නිවසේ   දී පැවතුන අතර  මේ සඳහා  වැඩබලන මීගමු සංවිධායක බස්නාහිර පලාත් සභා මන්ත්‍රී  කාවින්ද ජයවර්ධන මහතා හා හිටපු නගරීක මන්ත‍්‍රි ජූඞ් ලැන්ට්‍රි මහතා, මීගමුව ආසන සංවිධායක රොයිස්  මහතාගේ  ලේකම් මේරියන්ස් මැතිතුමා සහභාගි විය.
මේ සදහා කම්මල්තොට හා පොරුතොට එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් 50 පමණ පිරිසක් සහභාගි වී සිටියහ.DSC_0748

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here