එල්ලෙන විදුලි රැහැන් සහ පැද්දෙන ටෙලිපෝන් රැහැන් ?

0
231
DSC_1258(10.12 am)   මීගමු  නගරයේ  ඇති  ටෙලිපෝන්  රැහැන්    වලින්   සහ  විදුලි  රැහැන් වලින්   ඔංචිලි  පැදීමටද  හැකිවන  සේ  ඇදී  පැටලී  මකුළු  දැලක්  සේ
තිබෙන  ආකාරය  නගරය  පුරා   දැකියහැකි  දර්ශනයකි.  මේවා   මේ  ආකාරයෙන් ඇදීමට  සිදුව  ඇත්තේ   මේ  සඳහා   වෙනත්  ක්‍රමයක්  නැති  නිසාද  යන
ප්‍රශ්ණය  මතුවේ.  අපි  මේ  පිළිබඳව   කිසිවක්  නොදන්නා  නමුත්  සමහර ස්ථානවල  යම්  පිළිවෙළකට  අනුව  මෙවැනි  රැහැන්  ඇද  තිබෙනු  දුටුවෙමු.
ඒනිසාම   එහි  වෙනසද  හඳුනා  ගැනීමේ  හැකියාවක්ද  ඇත.  සමහර  විට නගරයෙන්  පිටත   යම්  ආකාරයක  ක්‍රමවත්   ස්වභාවයක්  දැකිය  හැක.
මේ ගැන  අවට  සිටින  ව්‍යාපාරිකයින්ද  පවසන්නේ   නගරයේ  අක්‍රමවත්බව, අවලස්සන බව  මේ  තුළින්  මතුවන  බවයි.  සමහර  තැන්වල  කපුටු කූඩු
ආකාරයෙන්  එකට  ගුලිගැසී   ඇති  කම්බි  ගොඩවල්ද   තවත්  තැනෙක  මකුළු දැල්  සේ  බේරෙන   රැහැන් ද  දැකිය හැක.  අප  මේවා  මතු  කරන්නේ  කිසිවෙකු
අවඥාවට  ලක්කිරීමට නොව  මෙහි  ක්‍රමවත්  බව  තුළින්  යම්කිසි  අලංකාරයක් නිර්මාණය  කළ  හැකිය  යන  අදහස  පෙරදැරි  කරගෙනය.  මේ  නිසා  ටෙලිපෝන්
රැහැන්   හෝ  විදුලි  රැහැන්   ඇදීමේදී   එකී  කාර්්‍ය  අදාල  ආයතනයන්ට අප  සදහන්  කරන  කාරණය  වැදගත්  වේ  යැයි  අප  විස්වාස කරමු.