එළවළු හිඟය උග්‍ර වෙයි ! ආර්ථික මධ්‍යස්ථාන වැසෙයි !

0
116

එළවළු හිඟය උග්‍ර අතට පත්කරමින් ඊයේ (21) නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දමා තිබේ.

නුවරඑළිය ගොවියෝ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලබාදීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් මෙසේ ආර්ථික මධ්‍යස්ථානය වසා දමන්නට සිදු වූ බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසා සදහන් කර ඇතැයි මව්රට වෙබ් අඩවිය කියා සීටි

පසුගිය වකවානුව පුරාම ගොවියෝ කෘෂි රසායන හා රසායනික පොහොර ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණ රාශියක් දියත් කරන ලදී. එහෙත් ඒ සඳහා කිසිදු සාර්ථක මැදිහත්වීමක් කරන්නට ආණ්ඩුව අපොහොස් විය.

ඒ අනුව මෙවර එළවළු අස්වැන්න අතිශයින් පහත වැටී ඇත. ගොවියෝ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලබාදීම වර්ජනය කර ඇත්තේ මේ හේතුව නිසාවෙනි.

අද (22) වනවිට බොහෝ එළවළු වල මිළ ගණන් කිලෝවක මිළ රුපියල් 400කට වඩා වැඩි වී තිබේ . මේ තත්ත්වය වඩාත් උග‍්‍ර අතට පත්වන බව දඹුල්ල ආර්ථික වෙළඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා පවසයි.

ඔහු පවසන ආකාරයට දෙසැම්බර් මාසය වනවිට එළවළු කිලෝ ග්‍රෑමයක මිළ රුපියල් 500 ඉක්මවන්නට ඉඩ තිබේ. මෙවන් තත්ත්වයක් හමුවේ බොහෝ පාරිභෝගිකයන් මේ වනවිට එළවළු මිළදී නොගන්නා බව එළවළු වෙළඳුන් පවසති.

ඒ ඒ සා විශාල මුදලක් එළවළු වලට වැය කළ නොහැකි නිසාය. මේ වනවිට වෙළඳපොළේ සාමාන්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළ දරාගත නොහැකි ආකාරයට ඉහළ ගොස් තිබෙන වටපිටාවක් මත පාරිභෝගිකයා බොහෝ බොහෝ දේ මිළදී ගැනීම්වලින් වැළකී සිටීම මේ වනවිට සුලබ සිදුවීමක් වී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here