ඒත්තුකාලේ ඩික්සන් ගේ මරණය සැක සහිතයි අධිකරණ නියෝගයකින් සිරුර යළි ගොඩ ගැනේ.

0
112

Anton Dickson
DSC02734

DSC02720

මීගමුව, ඒත්තුකාල, රාණි මාවතේ පදිංචි වී සිටි 21 හැවිරිදි ඇන්ටන් ඩික්සන් සෝසා  පසුගිය අප්‍රේල් මාසයේදී හදිසි මරණයකට මුහුණ දුන් අතර මරණය සැක සහිත බැවින් එම මළ සිරුර පසුගිය ජුනි 10 දා මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දුලාණි එස්. වීරතුංග මහත්මිය ඉදිරියේදී යලිත් ගොඩ ගන්නා ලදී.
පසුගිය අප්‍රෙල් 14 වෙනිදා සිය පවුලේ උදවිය සමගින් ඩික්සන් දින 05 ක පමන චාරිකාවකට සහභාගී වී ඇත. ඒ අනුව ඔවුන් මුලින්ම ගොස් තිබුනේ කල්පි්ටිය අක්කර 05 වත්ත ලෙස හදුන්වන ප්‍රදේශයකටය. එහි සිටි ඔවුන්ගේ ඥාතියෙකුගේ නිවසේ නතර වී සිට ඇති අතර පසුව 18 වෙනිදා පුත්තලමේ වනාතමුල්ල පිහිටි තවත් ඥාතී කෙනෙකුගේ අක්කර 50 වත්ත ලෙස හදුන්වන වත්තකට ගොස් තිබේ. එම වත්තේ කළමනාකරු ඩික්සන්ගේ ඥාතියෙකි. එහිදී රෑබෝ වී ඇති නිසා කාන්තාවන් ඇතුඵ පිරිසව ළගපාත පිහිටි ලැගුම් හලක ( ගෙස්ට් හවුස් ) තවත්වා ඇත. ඉන්පසුව එම වත්තේ  පිහිටි නිවසේ ඩික්සන් සමග එදින රාත්‍රිය ගත කර ඇත්තේ ඩික්සමන්ගේ යහඵවෙකු සහ ඥාතී වතු  කළමනාකාරු  පමණි. එදින රාත්‍රීෙය් දී මේ තිදෙනාම මත් පැන් පානය කර ඇති බවද වාර්තා විය. කෙසේ වුවද ඊට පසු දින එනම්  19 දා  උදේ 5.46 ට පමන දැක ගැනීමට හැකිව ඇත්තේ ඩික්සන්ගේ නාසයෙන් සහ කනින් රුධිරය වහනය  වී තිඛෙන අතර ඔහුද නිසොල්මන්ව සිටින ආකාරයකි. ඒ සමගම ඔහුව පුත්තලම රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී වෛදවරුන් පවසා ඇත්තේ  ඔහුගේ මරණය මීට පැය 05 කට පමන කලින් සිදු වී ඇති බවට අනුමාන කල හැකි බවයි. මේ අනුව මුලදී ඥාතීන් සිතා ඇත්තේ ඩික්සන්ව එදින රාත්‍රියේ  සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් ඔහු මිය ගොස් ඇති බවයි.
ඒ අනුව පවුලේ ඥාතීන්  ඩික්සන්ගේ මළ සිරුර මීගමුව, ඒත්තුකාලේ ශාන්ත සිල්වෙස්ටර් සුසාන භූමියේදී සිදු කලේය.
ඉන් පසුව ඩික්සන් සමග එදින පුත්තලම වනාතමුල්ලේ අක්කර 50 වත්තේ සිටි ඔහුගේ මිතුරා විසින් ඥාතීන්ට පවසා තිබුනේ එදින රාත්‍රියේ ඩික්සන් ද එලෙසම ඥාතී වතු කළමනාකරු සහ තමන්ද මත්පැන් පානය කල බවත් ඉන් පසුව වතු කළමනාකරු සහ ඩික්සන් ගැටුමකට මුල පිරූ බවත් පසුව ඔවුන් දෙදෙනා දෙදෙනාටම පහර දී ගත් බවකි. එමෙන්ම ඩික්සන් මිය ගොස් ඇති ආකාරය දුටු 19 වැනිදා උදැසන 5.46  පෙර ඔහුගේ සිරුර හෝස් පයිප්පයක් ගෙන සොදා පවිත්‍ර කර ඇති බවද  දුටු බවද ඔහුු පවසා ඇත.
මේ අනුව මියගිය ඩික්සන්ගේ ඥාතීන් මීගමුව පොලිසියට ඔහුගේ මරණය පිලිබදව සැක සහිත බව  පැමිණිලි කළහ.   ඉහත  ඒ අනුව ජුලි මස 10 එම මරණය පිලිදව වැඩි දුර පරීක්ෂනය කිරිමට   සිරුර නැවත ගොඩ ගෙන තිබිණි.              ්

 


DSC02739


ඡායා -එම්.ඉෂෙඩ්  සාජහාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here