ඒත්තුකාල පොලිසියේ අජිත් රාළහාමිට එරෙහිව යතුරු පැදිකරුවෙකුගෙන් පැමිණිල්ලක් !

0
112
නීතිය ආරක්ෂාව සදහා සිටින පොලීසිය විසින් අද (2017/05/18)දිනදි නීත්‍යානුකූල නොවන ලෙස රථවාහන රාජකාරි කිරිම පිලිබද අත්දැකීමකට මුහුණදිමට අද මට  හැකි විය
එනම් මිගමුව ,ඒත්තුකාල සංචාරක පොලිස් රාලහාමි, අජිත් නමින් වු කෙනෙකු විසින් මා ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව මාගේ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදි මාගෙන් බලපත්‍ර විමසන්නට විය මා එය ලබාදීමට කටයුතු කෙරිණ
රථවාහන වැරැදි යටතේ යම් රිසිට් පතක් බලාපොරොත්තුව මා සිටි මුත් ක්ෂණික රාලහාමි පැවසුවේ තමා රාජකාරි කරන පොලීසියට පැමිණෙන ලෙසයි
එසේ පවසා ඔහු තම යතුරු පැදියෙන් ඉගිලෙන්නට වියග
කිසිදුු පත්‍රිකාවක් නොදි සිදු වු මෙම සිද්දිය මා විශ්මයට පත් කලා ,ක්ෂණිකව අදාළ රාලහාමිගේ අංකය කටපාඩම් කරගත් මා අදාළ පොලීසියට ගොස් අදාළ සිද්ධිය එම ස්ථානයේ පොලීසියේ වගකිව යුත්තන්ගේ අවදානයට යොමු කල අතර යම් වැරැදි ක්‍රියාවක් සිදු වී ඇති බවත් අදාළ රාලහාමි වරදි ක්‍රියාවක් සිදු කර ඇති බවත් පිලිගත් අතර ක්ෂණිකව මා හට අවශ්‍ය කටයුතු කරන්නට යෙදිණ .
නමුත් ගැටලුව ඇත්තේ එය නොවේ මා පොලිස් ස්ථානයෙන් එන්නට සූදානම් වු විට එවැනි ම සිද්ධින් වු තවත් තරුණ පිරිසක් එම පොලිස් රාලහාමිව හමුවිමට පැත්තකට සිටින බව දැන ගතිමි.
කිසිදු ලේඛනයක් නොදි රියදුරු බලපත්‍ර ඉල්ලා පසුව ඔහුව පුද්ගලිකව පැමිණ හමුවිමට ආරාධනා කරයි මෙම සිද්ධිය තුලින් හැගවෙන දේ කුමක් ද
මෙලෙසින් තවත පොලීසි වල මෙවැනි දේ සිදු වේද මේ පිලිබදව පොලිස් බලධාරීන් දැනුවත් ද යන්න මා හට ඇති ගැටලු කීපයකි මා පහතින් යොමු කරනුයේ මා පොලිස් ස්ථානයෙන් කියා ඉල්ලා ගත් ලියවිල්ලයි මා කිසිදු අල්ලසක් දෙන්නට වු යේ නම් මෙම ලියවිල්ල මට නොදෙන්ටත් තිබිණු කෙසේ වෙතත් මෙවැනි නීති විරෝධී කටයුතු අවම කරන්නට අපගේ් දායකත්වය අමතක කරන්නේ කෙසේද ?
බණ්ඩාර ටී.චන්දනඅජිත්

Save

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here