ඔක්ෂිජන් වෙනුවට සෙල්ලම් පිට්ටනි ??

0
568

මීගමුවේ කලපුවේ පිහිටි දුපත් අත්පත් කරගැනිමේ සිට කඩොලාන විනාශ කිරිම පසුගිය කාලය තුල බර තල ප්‍රශ්ණයක් තිබේ. මේ දිනවල රටේම කථාබහට ලක්වු කඩොලාන කපා ක්‍රිඩාපිටියක් ඇති කිරිමේ කටයුත්තට දේශපාලන අධිකාරියේ සම්බන්ධයක් නැතැයි ධිවර හා ජලජ සම්පත් ආමාත්‍ය සනත් නිශාන්ත කියා සිටියද සැබැවින්ම රටම දැන් කථා කරන මේ කුප්‍රකට සෙල්ලම් පිට්ටනිය වෙනුවෙන් කඩොලාන කැපිම ඇරඹෙන්නේ සිරිසේන රාජපක්ෂ දින 52 කුමන්ත්‍රණ කාලය තුලදිය.

කොතලාවල පාලම බැස මදක් ඉදිරියට යන විට වම් අතට කලපුවේ පිහිටා ඇති දුපතේ මැදකොටස මෙසේ කඩොලාන කපා විනාශ කොට තිබේ.

යහපාලනය තුල කඩොලාන කපා සෙල්ලම් පිට්ටනි හදන්න බිය වු පිරිස් සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණය තුල මේ වැඩේට අත ගසන්නේම එවැනි විනාශයන්ට රාජපක්ෂලාගේ රැකවරණය ලැබෙන බව කඩොලාන කපපු අය මෙන්ම  බයනැතුව එසේ කරන්න යැයි උපදෙස් දි ඇතැයි විශ්වාස කරන දේශපාලන අධිකාරියද දැනසිටි නිසා  වන්නට පුලුවන.


මේ අනුව මිපුර අපි කවදත් මිගමුවේ පරිසර ප්‍රශ්ණය මෙන්ම විශේෂයෙන්ම කඩොලාන ප්‍රශ්ණය ගැන මැදිහත් වුනෙමු.

නිමල් ලංසා නගරාධිපතිව සිටියදි කඩොලාන අක්කර 8 ක් කපා විනාශ කළද කිසිදු දඩුවමක් ලැබුනේ නැත.කලපුව අවට සිටින කලපුවට ආදරේ යැයි කියන ධිවරයන්ගේ සිට ඒ වෙනුවෙන් පිහිටුවාගෙන ඇති කලපුව සුරැකිමේ සංවිධානද මුනිවත රැක්කා මි කිසිවක් කලේ නැත.

මේ අනුව සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණය හයියක් කරගත් මීගමුවේ දේශපාලන අධිකාරිය මේ වැඩේට බැස්සේ 2018 නොවැම්බර් මාසයේදිය.

මේ ගැන පළමුව හෙළිදරව් කළේද ජායාරුප ප්‍රසිද්ධියට පත්කරන ලද්දේ මිපුර විසින්මය.

මැතිවරණ සමයේ මනාප පොරය සදහා මුන්නකරයේ ජනයාට මේ පිට්ටනිය හදා දෙන බවට කිසියම් දේශපාලකයෙක් අනිවාර්යෙන්ම පොරොන්දු වුනාද විය යුතුය. ඒ සදහා ධිවර හා ජලජ සම්පත් ඇමතිවද මිගමුවට ගෙන්වා තිබුණි.

ධිවර ඇමැතිවරයා ප්‍රතිපත්ති ගරුක ඒ නිළධාරිණියට අපි මේ ප්‍රශ්ණය ෆ්‍රෙන්ඩ්ලි විසදාගමු යැයි කියන්නේද මිගමුවේ දේශපාලන අධිකාරියේ කාගේ හෝ උවමනාවටය.

රාජපක්ෂලාගේ දේශපාලන යනු පරිසරය විනාශ කිරිමේ එකක්ම බව කියන්නට මිගමුව අරභයා තවත් කරුණු ආවැසි නොවේ.
මේ අනුව මහමැතිවරණයේදි එවන් දේශපාලකයන් පාර්ලිමේන්තු යවන්නට ජනතාව කටයුතු කරන්නේ නම් සැබැවින්ම ඔක්ෂිජන් නැතිව ජිවත්විමට මංකුලියේ සුරංගගෙන් දැන් සිටම අසා දැනගත යුතුය.

දෛවයේ සරදමක් ලෙසින් දැන් ඔක්ෂිජන්වලට වටිනාකම මිගමුව පමණකක් නොව රටම දැනගෙන සිටි.කලපු පරිසර පද්ධතිය කඩොලාන ඔක්ෂිජන් නිෂ්පාදනයේ වෙනුවෙන් කරන මෙහෙය සුවිශේෂිය. ඒ ගැන හොදින්ම දන්වා අවංක රාජ්‍ය නිළධාරින් ඒ වෙනුවෙන් සිය ප්‍රතිපත්තිමය ස්ථාවරයන් හි පිහිටා කටයුුතු කරති. අදාල විෂය දැනුම නැති පරිසරය විනාශ වුනත් අපට මොකෝ මනාප හම්බවෙනව නම් යැයි සිතන කපටි දේශපාලකයන් මේ පරිසරය විනාශ කිරිම දේශපාලනය බවට පත් කරගෙන සිටිති.
මේ කපටි රැළට ආවඩන මාධ්‍යකාරයෝද සිටිති.උන් පරිසරය විනාශයට ආවාඩ හාම්පුතාගේ පැත්ත ගෙන හැමදාමත් කටයුතු කරති.


දැන් තවත් අඩව්වකි.


නැසිගිය අගරදගුරුවරයෙකුගේ නමද ඇදාගෙන දේශපාලනය කරන්නට මේ කපටි දේශපාලකයන් කටයුතු කරමින් සිටිති.මේ ලග නමට අයට දැන්වත් ඔක්ෂිජන් වල ඇති වැදගත්කම නොතේරේ නම් උන් මනුස්සයන් විය නොහැක.
දරුවන්ට සෙල්ලම් පිට්ටනි ඇවැසිය. දේශපාලන හෙංචයින් විසින් සිට බුදලයන් බවට පත්කරගෙන ඇති ක්‍රිඩා පිට්ටනි වල අයිතය වෙනුවෙන් සටන් නොකර මිගමුව ඔක්ෂිජන් දෙන කලපු දුපත් විනාශ කරන්නට හදන්නේ නම් ඒ අය සෑබෑ ධිවරයන් නොවන බව නම් පැහැදිලිය.
මන්ද කඩොලාන වල වැදගත්කම හැබෑ ධිවරයන් ඉතා හොදින් දන්නා නිසාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here