ඔඛේ වාහනයට ඉන්ධන ලබාගන්නා විට ඔබ ඉන්නේ ඇලක් උඩ බව ඔබ දන්නවාද??? ?

0
132

කොළඹ හලාවත පාරේ ඇති දළුපත ෂෙඩ් එකට ගොස් ඔඛේ වාහනයට ඉන්ධන ලබාගන්නා විට ඔබ ඉන්නේ ඇලක් උඩ බව ඔබ දන්නවාද ?
දලුපත’දෙපා ඇල’ නම්වූ  මේ ඇලට නිසි පරිදි  ජලය ගෙනයා නොහැකි නිසා වැසි
දින වලදී එම ජලය පිටාර ගලමින් අසල තැබෑරුම් වත්ත ඇතුළු ප්‍රදේශ යටකරමින්  එම ජනතාව පීඩාවට පත්කරන බව ඔබ දන්නවාද ?
මේ ඇලට ගලායාමට තිබුණු නිසි මාර්ගයේ  මීට පෙර ලොකු බෝක්කුවක් සහ පාර දෙපැත්තේ යකඩ වැටවවල්ද තිබූ අතර  දැන් මෙම යකඩ වැටවල් නැත.  පාරවල් පළල් කිරීමේ  ව්‍යාපෘතියක අවස්ථාව ප්‍රයෝජනයට ගත් එක්තරා අවස්ථාවාදී ව්‍යාපාරිකයෙක් එකල පොදු පෙරමුණු රජය තුළ සිටි දේශපාලන අධිකාරිය සහ පරිපාලන අධිකාරියේ  බලය උපයෝගී කරගෙන මෙම නීති විරෝධී ක්‍රියාව  සිදුකර ඇත.
වාර්ථා වන අන්දමට  ඉතාලියේ සිට පැමිණි අයෙකු විසින් පසුගිය නගර සභා පාලනය සමයෙදි මෙම නීති විරෝධි ඉදිකිරිම සිදුකර ඇත.,
එවකට නගරාධිපතිව සිටියේ ඇන්ටන් ජයවීරය.

තැබෑරුම්වත්ත ප්‍රදේශවාසීන් මේ පිළිබදව වගකිවයුතු අයව දැනුවත් කර පෙත්සම් ආදී මගින්  මීට එරෙහිව ක්‍රියාත්මක වූ නමුත් ආත්මාර්ථකාමී පාලකයන්ගේ  අනුදැනුම මත  සිදුවූ දෙයක්නිසා  ජනතාව පරාද වී ව්‍යාපාරිකයා ජයගන්නා ලදී.

සිතියම් ගත ඇලක් මත ඉදිකර ඇති ඉන්ධන පිරවුම් හලක් !

සිතියම් ගත ඇලක් මත ඉදිකර ඇති ඉන්ධන පිරවුම් හලක් !

ඇලක් මත ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල නීති විරෝධි යැයි මීගමුවේ සියළු ප්‍රධාන රාජ්‍ය නිළධාරින් පිළිගනිති.
මේ අය අතර මීගමුව නාගරික ඉංජිනේරුවරයාද සිටි.
. මීගමුව නගරය පුරා  අනවසර ඉදිකිරීම් සහ නීති විරෝධී මෙවැනි ක්‍රියා අප්‍රමාණව සිදුවන බවත් ඒ සදහා නඩු දැමීමට හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට  හැකියාවක් නොමැති බවත් ඔහු තවදුරටත් පැහැදිලි කරන ලදී.
පසුගිය නගර සභා පාලන සමය තුලදි මෙවැනි බරපතල නිති විරෝධි ඉදිකිරිම් රැසක් සිදුව තිබේ.
නිමල් ලංසා එවකට පළාත් සභා ඇමතිවරයෙකි.
දායන් ලංසා මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා මෙන්ම සෞඛ්‍ය කමිටුවේද සභාපතිවරයා විය.
සරත් ගුණරත්න එවකට නියෝජ්‍ය ඇමතිවරයෙකි.
දැන් මේ සියල්ලෝම පොහොට්ටුවෙන් යළිත් වරක් මීගමුව නගරය පාලනය කිරිමේ බලය ඉල්ලා සිටිති ?????DSC_0201