ඔටෝ ඊ සෝන් බරවාහන මහපාරේ නවතා තැබිමට එරෙහිව බලධාරින් පියවර නොගන්නේ ඇයි ?

0
109

Ezone-4(8.00 am )කුරණ  බටහිර  එකමුතු  ග්‍රාම සංවර්ධන  සමීතිය  විසින්  විසින් අවස්ථා කිපයකදිම කරන  ලද  පැමිණිල්ලකට  අනුව  ඔටෝ  ඊසෝන්  සමාගමට  අයත්  බර  වාහන  අවිධිමත්  ලෙස  නවතා  තැබීම  නිසා   ඇතිවන  මාර්ග  තදබදය  ගැන  ඊයේ පැවැති මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේදිද සාකච්ඡාවට  ගන්නා  ලදී.
මෙම ගැටළුව මීට පෙරද අවස්ථා ගණනාවකදිම මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේදි සාකච්ජාවට බදුන්ව තිබුනද පොලිසිය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ බලධාරින් විසින් නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබුණ නිසාවෙන් යළිත් එහි අවධානයට යොමුව තිබුණි.මේ  අනුව  වාහන  වලින්  නිකුත්වන  ලිහිසි  තෙල්  කානුවලට  මුදා  හැරෙන  බවත්,  මාර්ග  අවහිරතාව  මත  මගීන්ට  වන  අපහසුවත්,  මෙහිදී  ජනතාව විසින් මතුකර තිබේ.

දැනට වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ මෙසේ බරවාහන රාත්‍රි කාලයේදි නවතා තැබිම ඇතිවිය හැකි අවධානම ගැන මතුකර තිබුණද ඒ සදහා නිසි පියවර ගැනිමට සියළු බලධාරින් අපොහොසත්ව සිටිති.
අපරික්ෂාකාරි අාකාරයෙන් නවතා තබා ඇති මේ වාහන වල රියදුරන්ට එහි අවධානම ගැන පුරවැසියන් විසින් කරුණු දක්වා ඇති ඇතැම් අවස්ථා වලදි ඔවුන් හැසිරි ඇත්තේ චණ්ඩියන් ලෙස යැයිද වාර්ථා වේ.
මේ සම්න්ධයෙන් ඔටෝ ඊ සෝන බලධාරින් දැනුවත් කළද ඔවුන්ද කියන්නේ කිසියම් තරවටුවක් කරන්නේ නම් මේ රියදුරන් සේවයෙන් ඉවත්ව යන බවය.
කෙසේ වෙතත් මේ සියල්ල විසින් කියන්නේ මාරාන්තික විය හැකි අනතුරුදායක තත්වයක් මෙන්ම පාරවල් කැඩි බිදි යැම පිළිබදව ප්‍රශ්ණයක්ද මෙහි පවතින බවය.

මිට පෙර අවස්ථාවකදි මීගමුව මූලස්ථාන  පොලිස්  පරීක්ෂක  තුමා  මේ  වනවිට මෙම  වාහන  ඉවත්කර  ඇතැයි  ප්‍රකාශ  කළ  නමුත්  තවමත්  මේ  තත්වය  එසේම  පවතින  බව ප්‍රදේශයේ  ඊයේ දිනයේදි පෙන්වා දි තිබුනේ එජාප නාගරික මන්ත්‍රි ශ්‍රිණික මහතා විසිනි.
මෙම හමුවට මීගමුව මාර්ග සංවර්ධ අධිකාරියේ ප්‍රධාන ඉජිනේරුවරිය නොපැමිණ සිටිමද විශේෂත්වයකි. පැමිණ සිට ඇත්තේ ජයසිංහ නැමැති තාක්ෂණික නිළධාරියෙකු පමණි.