ඔබගේ පූස් පැටවාද මාරාන්තික විය හැකිය

0
429

ඔබගේ පූස් පැටවාද මාරාන්තික විය හැකිය

ඔබගේ පූස් පැටියාත් ගොඩාක් හුරතල් ඇති. පොඩි දේටත් බයවෙනවා ඇති. “මගේ පූස් පැටියාට මැස්සෙක්වත් මරාගන්න බෑනේ” , මෙහෙම කියන අයත් ඉන්නවා.

නමුත් ඒ ගැනනම් ඔබ සම්පුර්ණයෙන්ම වැරදියි. මෑතකදී කල සමීක්ෂණ අනුව ඔබගේ පූස් පැටියා සිටින්නේ ඔබව මරා කෑමට තරම් වුවමනාවෙන්. පුදුමයි නේද?

aggressive-cat

ස්කොට්ලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලය හා නිව්යෝක් හි බ්‍රොන්ස් සූ විශ්වවිද්‍යාලයෙන් මෑතකදී කල සමීක්ෂණ වලදී ගෘහස්ත පූසන් හා තෝරාගත් කැලෑ පුසාන් වර්ග හතරක් යොදාගෙන මේ පරීක්ෂණය සිදුකොට තිබෙනවා. එහිදී ඔවුන්ගේ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් කොටස් 5කට අනුකුලව සිදුකල පරීක්ෂණයෙන් හෙළිවූයේ ගෘහස්ත පූසන් හා කැලෑ පූසන් අතර වැඩි වෙනසක් නොමැති බවයි. ඔවුන්ගේ හැසිරීම් අප්‍රිකානු සිංහයන්ගේ හැසිරීම් හා සමාන බව වැඩිදුරටත් අනාවරණය කරගනු ලැබුවා.

cats8

“දිනපතා ඔවුන්ගේ හැසිරීම් රටාවේදී ඔවුන් සිදුකරන සිදුවීම්, කෙළිදෙලෙන් පසුවීම, බඩගිනි විට කෝපයෙන් කෑගැසීම, ඔවුන්ගේ නිය මුවහත් තැබීම, එකිනෙකා සමග ගැටීම් ඇතිකරගැනීම මේ සියලු දේ සිංහයන්, චීටාවන්, ව්‍යාග්‍රයන්ගේ ගතිගුණ වලට සමානයි.”මැක්ස් වචෙල් (මානසික හැසිරීම් පිලිබඳ විශේසඥ) පැවසුවා.

නමුත් ඔබ කිසිදු විටක ඔබගේ පූස් පැටියාගේ කෝපය, පහරදීමට සූදානම, සැක සහිත බව ආදී දේ අවධානයට ලක්කර නොගන්නේ ඔබ සැමවිටම පූස් පැටියාගේ කුඩා බව හා හුරතලයට අවධානය ලක් කිරීම නිසයි. නමුත් ඔබ මොහොතකටවත් සිතුවාද ඔහු බල්ලකුගේ පමණ හෝ ප්‍රමාණයෙන් විශාල වූවානම් ඔබට කුමක් සිදුවේවිද කියා?

fear1

සිංහයන් වැනි බළල් පවුලේ විශාල සාමාජිකයන්ට පවා සෙල්ලමට වඩා බර පැතිකඩක් තිබෙනවා. (ඔබ අත්දැක ඇති ඔබගේ පූස් පැටියාගේ බඩ අතගාමින් සුරතල් කරන විට ඌ එයට ඉඩදෙමින් සිට ඇතිවූ පසු ඔබව සපා කන්නට තැත් කරන අයුරු.)එය ඔවුන් අතර පවතින සමානකම් වලට කදිම උදාහරණයක්.

පූසන් තම නිවසේ සාමාජිකයන්ට දරුණු ලෙස පහරදුන් අවස්ථා ඕනෑතරම් වාර්තා වෙනවා. (නමුත් බල්ලන් සිය හිමිකරුවට එලෙස සලකන අවස්ථා අවම වන අතර ඔවුන් සිය හිමිකරුවන් වෙනුවෙන් ජීවිතය පවා දීමට ඉදිරිපත් වූ අවස්ථා එමටයි.) එම පහරදීම් ඉතා දරුණු ලෙස සිදුවන පහරදීම් වනවා.

“ඔබගේ සුරතල් සතුන්ගේ හැසිරීම් රටා තේරුම් ගැනීම ඉතා වැදගත් කරුණක්. පුද්ගල වශයෙන් ඔවුන් විවිධාකාර විය හැකියි. නමුත් වර්ගයක් වශයෙන් ඔවුන් අතර සමානකම් වැඩියි.” වචෙල් තවදුරටත් පවසා සිටියා.

කෙසේ හෝ ගෘහස්ත පූසන් ඇතිකිරීමේදී ඔබ දෙවරක් සිතා බැලිය යුතු බව පර්යේක්ෂකයන්ගේ අදහසයි.

http://panikaju.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here