ඔබට නොදැනී ඔබ හසුකරගන්නා ඉතාලි”ගේම්කාරයෝ”

0
278

ඔබට නොදැනී ඔබ හසුකරගන්නා ඉතාලි”ගේම්කාරයෝ”
ඔබේ අවංකභාවය නිසාත් ,මානව දයාව නිසාත්,නැතහොත් නොදැනුවත්කම නිසාත් ,ඔබේ මුදල් වලට තට්ටුකරන තක්කඩි පිරිස”ගේම්කාරයෝ”හඳුන්වනු ලැබේ.
සීට්ටුකාරයෝ සෑම මාස 06කටම නැතහොත් අවුරුද්දකට වතාවක් මුදල් සමඟ සීට්ටු දමන පුද්ගලයා අතුරුදහන් හෝ ලංකාවට පලා ගියා කියා අසන්නට ලැබෙති.නීති මඟින් මේ පිළබඳව කටයුතු කළ නොහැක.
“මටත් පොලු වැටුණා.කරන්න දෙයක් නෑ පුලුවන් විදියට ගෙවන්නම්” හෝ මේ සමාන “බයිලා” නිදහසට කරුණු දැක්වීම සාමාන්‍ය ස්වභාවයයි.අවසානයේ ඔබට ඉතිරි වන්නේ සිත් වේදනාව හා පාඩුවයි.ඒ පිළිබඳව විමසිලිවත් වන්න.stock-vector-vector-of-thief-stealing-laptop-computer-from-office-11710837

ටිකටිං හොරු
මේ අත්දැකීමට ද ලාංකිකයින්ට නිතරම මුහුණ දෙන්න⁣ට සිදුවන්නකි.හොර ගුවන් ටිකට්පත් ලබාදීම නැතහොත් ව්‍යාජ ලේඛන ඉදිරිපත්කොට මුදල් ලබාගැනීම බොහෝ විට සිදුවේ.ඔබ හසුවී ඇති බව දැනෙන්නේ බොහෝවිට ලංකාවට යෑමට ගුවන්තොටුපළට ගිය විටය.නැතහොත් ඊටදින කීපයකට කලින්ය.”හොරා අතුරුදහන්වීම සහ තාවකාලිකව සැඟවී සිටීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.ඉන්පසු නිදහසට කරුණු ලෙස නොයෙක් බයිලා අසන්නටලැබෙනු ඇත.මේ අයුරින් සෑම වසරකම එවුරෝ  විසිදහස ලාංකිකයින්ගෙන් හොරාගැනීම අසන්නට  ලැබෙති.
ලාංකිකයින් ඉතාලියට ගෙන්වා දෙන බව පවසා මුදල් ගැනීම
මෙහිදී සිදුවන්නේ පොරොන්දු මුදලින් කොටසක් හෝ සම්පූර්ණ මුදලම ගෙන විවිධ බොරු කියමින් කාලය ගැනීමයි.ඒ කාලය තුළ මෙසේ ලබාගන්නා මුදල් පොලියට දී කිසියම් මුදලක් උපයාගෙනමුදල ආපසු දීමයි.සියලුම මුදල් නොදී “මාරු ” වෙන අවස්ථා ද ඇත.
රට ජාතිය ආගම විකුණන් කෑම.
රට ජාතිය ආගම හා සංස්කෘතිය වෙනුවෙන් පිරිසිඳු චේතනාවෙන් තස කාලය – ධනය-ශ්‍රමය වැය කරන , රටකට සම්පතක් බඳු මිනිසුන් ඇත.ඔවුන් වැඳුම් පිඳුම් කළ යුතු උතුමන්ය.එහෙත් 90%ක්ම ඇත්තේ මේ මුවාවෙන් සිය මඉ්ය තරකර ගන්නා තක්කඩින්ය.විවිධ සමිති සමාගම් ආයතන ආකර්ශනීය නම් වචන හි රඟපෑම් කරමින් සිඳුකරන්නේ ඔබට නොදැනී ඔබේ මුදල් සොරාගන්නා ක්‍රමයයි.
මේ සියලු මර උගුලුවල ස්නඵාවය වන්නේපඔබ හසුවනතුරුම නොදැනීමවි.ඇතැම්විට ඔබ හසුවී ඇති බව ඔබේ ජීවිත කාලයටම ඔබට නෙැදැනෙනු ඇත. එය සිදුවන්නේ හොරුන්ගේ.දක්ෂකම අනුවය.

මිනිසුන්ගෙන් සාප ලබන ගේම්කරුවෙක් වෙන්නට නොව උන්ගෙන් ආරක්ෂාවී සිටීමටබඔබද මේ පිළිබඳව දැනුවත්වන්න.


මෙරිනස් ප්‍රනාන්දු -වෙරෝනා ඉතාලිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here