ඔබත් පරිගණකය හෝ ජංගම දුරකථනය ඉදිරිපිට දවසේ බොහෝ කාලයක් ගත කරනවා ද ?

0
215

21 වැනි සියවසේ ජීවත් වන සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 4 දෙනෙක්ම පර්යේෂණ වලට අනුව අවම වශයෙන් දිනකට පැය 9ක කාලයක් ගත කරන්නේ පරිගණකය හෝ එවැනි උපකරණයක් සමඟයි. මේ නිසාම ඔබේ සෞඛ්‍ය විශාල අවධානමකට ලක්වෙනවා. විශේෂයෙන්ම මේ තත්වය නිසා බලපෑම් ඇතිවන්නේ ඔබේ පෙනිමටයි. ඒ කියන්නේ ඔබේ ඇස් දෙකට.

Eye strain and computer use

man20on20computer

මෑතකදී සිදු කල සමීක්ෂණයකට අපි ජිවත් වන කාලයට අයත් නුතන පරපුරේ 68% ක් තරම් විශාල ප්‍රතිශතයකට මේ නිසා බලපෑම් ඇති වී තිබෙනවා. ඔවුන් “Digital Eye Strain” නම් තත්වයට පත්ව සිටිනවා.

teens facebook

සමීක්ෂණ මගින් මෙලෙස කරුණු අනාවරණය කෙරුණත් අපගේ එදිනෙදා කාර්ය බහුල ජිවිතයේ දී ඩිජිටල් උපකරණයක තිරයක් දෙස බලා සිටීමෙන් මිදීම අපහසු කරුණක්. එක් අතකට අපිට එය ජිවිතයේ නැතිවම බැරි අංගයක් බවට පත්ව තිබේ. මේ නිසා අපේ ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා අපි කුමක් කල යුතු ද ?

diagram

ඉහත සඳහන් රූප සටහන දෙස බලන විට අපේ ඇසට වඩාත් බලපෑමක් ඇති කරවන ආලෝක පරාසයක් ම ඇති බව දිස්වනවා. ඇස් වෙහෙසට පත්වීමට බලපාන කරුණු අතර ඩිජිටල් තිර දෙස බොහෝ වෙලා බලා සිටීම සලකන්න පුළුවන්. එය ඔබේ පරිගණකයේ තිරය, ජංගම දුරකථනය, ටැබ් එක , රුපවාහිණිය මේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. මෙයින් නික්මෙන විවිධ ආලෝක දෙස අපි අසාමාන්‍ය ලෙස දීර්ග කාල පරාසයක් පුරාවටම දෑස් අයාගෙන සිටිමු. මෙවැනි අවස්ථා වලදී ඇස් පිල්ලම් ගැසීම අඩු වන අතරම ඔබේ ඇස් විඩාවට පත්වනවා. ඒ නිසාම ඇසේ විවිධ ආසාත්මිකතා සහ වියලීම් ඇතිවනවා.

දීප්තිමත් තිර වලින් (screens) නික්මෙන නිල් ආලෝකයෙන් ඇස් වලට ඇති බලපෑම විශාලයි.
එම ආලෝකය high-energy visible, “HEV” light ලෙස හැඳින්වෙනවා. විශේෂඥයන් පවසන අන්දමට දීර්ග කාලයක් පුරා මේ නිල් ආලෝකයට දෑස් නිරාවරණය වීම ඇසේ දෘෂ්ටි සෛල වලට වුව ද හානි කරන බවයි.

ඔබේ ඇස් විඩාවට පත්වී ඇති බව දැනගන්නේ කෙසේ ද ?

ඔබේ ඇස් වලට අමුත්තක් දැනෙනවා ද ? ඇස් රතු වීම, ඇස් වල වියලි ගතිය, බොඳ වී පෙනීම, ඇස් වලින් කඳුළු ගැලීම සහ හිසේ කැක්කුම මෙහි ලක්ෂණ වේ.

මේ තත්වය මගහරවා ගැනීමට ඔබට කල හැකි සරලම දෙයක් වන්නේ ඔබ භාවිතා කරන උපකරණය පසෙක තබා විවේක ගැනීමයි. සාමාන්‍යයෙන් උපදෙස් ලැබෙන්නේ සෑම විනාඩි 20කටම වරක් ඔබේ දෑස් වලට විවේකයක් ලබා දිය යුතු බවයි. ඒවගේම විවේක ගන්නා අවස්ථාවල ඈතින් ඇති වස්තුවක් දෙස බලාසිටිමටත් උපදෙස් ලැබෙනවා. එමගින් ඇස තුල ඇති සියුම් පේශීන් විවේක ගැන්වෙනවා.

2D11064853 140108 eye strain 1750.blocks desktop large

නමුත් පරිගණක වල වැඩ කරගෙන යන ඔබට මෙසේ විවේක ගන්නට මතක් නොවෙන බව අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මේ සඳහා විසඳුමක් ලෙස SmartBreak නම් මෘදුකාංගයක් නිර්මාණය කර තිබෙනවා. මෙමගින් ඔබ පරිගණකය භාවිතා කරන කාලය පිළිබඳව වාර්තා සටහන් කර ගන්නවා. ඒවගේම විවේක ගැනීමට මතක් කරවනවා.
ඔබේ ඇස් වලට ඇති වන බලපෑම් අවම කිරීමට ඔබ භාවිතා කරන තිරයේ දීප්තිමත් බව අවශ්‍ය මට්ටමට සකස් කර ගන්න. ඒවගේම ඔබ වැඩ කරන කාමරයේ ආලෝක මට්ටමට සමාන මට්ටමකට තිරයේ ආලෝක මට්ටම සකස් කරගන්න. ඒ වගේම ඔබ ඇස් කණ්ණාඩි පළදින පුද්ගලයකු නම් ඔබේ ඇස් කණ්ණාඩි විශේෂඥයා හමුවී අහිතකර කිරණ අවම කරවන ආකාරයේ උපැස් යුවලක් නිර්මාණය කරවා ගන්න.

මේ පියවරවල් අනුගමනය කර අන් අයවත් දැනුවත් කරන්න.

digital eye strain infographic

උපුටාගැනීම sira.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here