ඔබ විදේශ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින්නෙක්ද ? ඇමතිගෙන් උපදෙසක්

0
193

විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින මහජනතාවට විදේශ රැකියා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස රැකියා බැංකු කාණ්ඩයට පිවිසෙන ලෙස උපදෙස් දී ඇත.

විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ රැකියා බැංකුව දැනට පවතින සියලුම විදේශ රැකියා අවස්ථා ප්‍රදර්ශනය කරන බවයි.

අමාත්‍යාංශයේ ලියාපදිංචි වී දිනපතා යාවත්කාලීන වන රැකියා නියෝජිතායතන ලැයිස්තුවකින් රැකියා බැංකුව සමන්විත බව ඔහු වැඩිදුරටත් පැවසුවේ.

පවතින රැකියා අවස්ථා පිළිබඳව දුරකථන මාර්ග ඔස්සේ විමසීම් සිදු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසීම මහජනතාවට වඩාත් පහසු වනු ඇති බව පවසා සිටියා.

විදේශ රැකියා අමාත්‍යාංශයේ රැකියා බැංකුව ප්‍රයෝජනයට ගන්නා ලෙසත්, අවශ්‍ය රැකියා සඳහා අදාළ රැකියා නියෝජිත ආයතන අමතන ලෙසත් අමාත්‍ය මනූෂ නානායක්කාර ජනතාවගෙන් ඉල්ලා සිටියා.

රැකියා බැංකු වෙබ් අඩවියට පිවිසීමට :

(නිව්ස්වයර් )

http://applications.slbfe.lk/feb/feo/actjobs.asp