ඔබ සිටින්නේ ඉතාලියේ නම් අනිවාර්‍යයෙන් කියවන්න.

0
185

අන්ඩපාලගේ කතා වස්තුව
උප්පැන්න සහතිකයේ කොතෙක් අරුත්බර නම් සඳහන් වුවද කළ කී දෑ අනුව ඔහුට ගැලපෙන නම අන්ඩපාල යන්නයි.
පහසුව සඳහා අපි ඔහුට “පාල”යයි කියමු.ඔහු ඉතාලියේ සිටි ශ්‍රී ලාංකිකයෙකි.612cb4cdc76fdd4d0801609a42f03a0b
මීට අවුරුදු 20කට පමණ ඉහත දී ඉතාලයේ සිට ලංකාවට මුදල් යැවීමට අද මෙන් පහසු ඉක්මන් ක්‍රම නොතිබිණි.
මේ නිසා ලංකාවට යන විශ්වාසවන්ත හිතවතුන් අත මුදල් යැවීම සිදුකෙරිණි.
ඒ අනුව සෑහෙන පිරිසක් දැන හැඳින සිටි  “පාල” ලංකාවට යන විට ඔහු අත තම මුදල් යැවීමට බොහෝ  දෙනා සූදානම් විය.
“බෑ කියන්න බැරි කමට ගෙනියනවා මිසක්  මේ කරදර වලට මම කැමති නෑ.,,ගෙදර යන්න කලින් මඟදිම මේ මුදල් ටික බෙදනවා.”
මෙලෙස කියමින්  සැබෑ මිතුරෙකුගේ භුමිකාව රඟපෑ පාල එවකට භාවිතා  වූ”ලීරා” වලින් ලංකා මුදලින් ලක්ෂ 30ක් පමණ මුදලක් ලංකාවට ගෙනගොස් බාර දීමට බලවත් අකමැත්ත පිටම බාරගත්තේ කිසිවෙකුට අවිශ්වාසයක් නොහිතන ලෙසය.
මේ අතර පුදුමයට මෙන් ලංකාවට යෑමට පෙරදින රාත්‍රියේ ඔහු⁣⁣ ගේ නිවසට හොරු පැන සියලුම මුදල් ගෙනගොස් ඇත. ගෙයි දොරේ අගුල යකඩ පොල්ලක්  දමා කඩා තිබිණි. හදිසි උවමනාවක් සඳහා පැයක කාලයක් නිවසින් බැහැරව සිටි අවස්⁣ථාවේ  හොරු ගෙට ඇතුල්වී අඅත.
මහා හඬ නඟා හඬමින් දෙස් දෙවොල් ,සාප තබමින් පාල පිස්සෙකු මෙන් ලංකාවට පිටත් වූයේ හිස් අතිනි.
“තමා භාරයේ සිට නැතිවූ සියලු මුදල් වලට වගකීම බාරගනිමින් අවසාන මොහොතේදීත් යහපත් මිනිසෙකු  සතු ගතිගුණ ප්‍රදර්ශනය කරමින්
” ලංකාවට ගිහිල්ලා ආපු ගමන් මම ටික ටික හරි ණය පියවනවා පවසමින් ඔහු ලංකාවට ගියේය.
මසකට පසු පාල ආපසු පැමිණියේය.පොරොන්දු පරිදි මුදල් ඉතා සුළු ප්‍රමාණයක් ටික දෙනෙකුට  ලබා දුන්නේය.
ඔහු ලක්ෂ 40කට ඉඩමක් ගත් බව මාස දෙකකට පසුආරංචි ව්ය.අද ඒ පාල ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.
අදත් මෙවන් අණ්ඩපාලයන් ඔබඅතර ද සිටිය හැක. ප්‍රවේශම් වන්න.
25 වසරක මගේ ඉතාලි ජීවිත අත්දැකීම මෙසේ  එළිදැක්වෙන්නේ එවන් මර උගුල් වලින් ඔබව බේරාගැනීමේ පරම පිවිතුරු චේතනාවෙනි.


ලාසියුස්   ක්‍රිස්ටෝපර්