ඔමික්‍රොන් ප්‍රබල ගෝලීය අවධානමක් ! රටවල් 18 කට පැතිරිලා ?

0
205

පසුගිය 24 වැනිදා දකුණු අප්‍රිකාවෙන් හඳුනාගන්නා ලද ඔමික්‍රොන් කොවිඩ් වෛරස ප්‍රභේදය අති ප්‍රබල ගෝලීය අවදානම් තත්ත්වයක් මතුකල හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.

එම වෛරස ප්‍රභේදය ආශ්‍රිතව විකෘතිතා විශාල ප්‍රමාණයක් හට ගන්නා බැවින් එය ව්‍යාප්ත වීමේ අවදානම ඉහල බව පෙන්වා දී ඇත.

Screenshot 20211129 144901 Chrome

ලොව පුරා රටවල් වහාම ජාත්‍යන්තර සංචාරක මාර්ගෝපදේශ කාලානුරූපීව යා වත්කාලීන කරගතයුතු බව එම සංවිධානය නිකුත් කළ මෙම නවතම නිර්දේශ මාලාවේ දැක්වේ.

“සමස්ත ඇගයීම අනුව මෙම නව වෛරස ප්‍රභේදය ඉතා දරුණු ගෝලීය අවදානමක් ලෙස දැක්වීමට හැකි ” බව ලෝක සෞඛ්‍ය එහි සඳහන් කර ඇත.
Screenshot 20211128 064445 Facebook

මේ වනවිට රටවල් ගණනාවක්ම සිය ජාත්‍යන්තර සංචාරක සීමාවන් යලි බලාත්මක කර ඇති අතර ජපානය ද අද සිට එරට ගුවන් ගමන් අත් හිටුවීමට පියවර ගන්නා ලදී.
මේ වන විට ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය රටවල් 18 පුරා පැතිර ගොස් තිබේ.
මුලාශ්‍රය – නිව්ස්වයර්

Screenshot 20211130 062736 Samsung Internet

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here