ඔයිල්, භූමිතෙල්, බිත්තර පාන් සහ PHI විජේසිංහ ?

0
77
ලෙල්ලම අසල කඩය

මිනිස් පරිභෝජනය සදහා නුසුදුසු අපිරිසිදු ආහාර ලබාදෙන වෙළඳුන් සොයා පසුගිය දිනවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු වැටලීම් කළ අතර  එවැනි ස්ථානයන් පවත්වාගෙන ගිය වෙළදුන්ට එරෙහිව නඩුදමා දඩ අයකිරීමක්ද සිදුකරන ආකාරය පසුගිය කාලයේ  අපද අවස්ථා ගණනාවකදිම අපද වාර්ථා කළෙමු.

එහෙත් මේ කිසිදු පරික්ෂාවකට බියක් නැතිව ලිහිසි තෙල් පමණක් නොව භුමිතෙල්ද අළෙවි කරන කඩයක් තුල බිත්තර පාන් මාළු පාන් රොල්ස් ආදි සියළු ආහාර වර්ග අලෙවි කරන බව අප අවස්ථා කිපයදිම හෙළිදරව් කර ඇත.
මංකුලිය  ලෙල්ලම අසල මහ පාලම අවසන් වන තැන ඇති ඔයිල් සහ භූමිතෙල් බෙදාහරින ස්ථානයේ  කෑම පිනිස බත් ඇතුළු වෙනත් ආහාර වර්ගද විකුණන ඊයේ දිනයේදිත් අප නිරික්ෂණය කළෙමු.
මෙය මහජනතාවගේ සෞඛ්‍යයට  ඍජුවම බලපාන බව නොකිව මනාය.
එසේ තිබියදී මෙම ස්ථානය පරීක්ෂක මහතුන්ගේ ඇස නොගැටුනේ ඇයිද?
මේ පිළිබඳව අප අවස්ථා කිපයදිම ප්‍රදේශය භාර විජේසිංහ නැමැති මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ අවධානයට යොමුකළද එය ප්‍රථිපල රහිත විය
මේ ගැන අප යළිත් වරක්  අප ප්‍රදේශය භාරව කටයුතුකරන මහජන සෞඛ්‍ය පරික්ෂක විජේසිංහ මහතා විමසන්නට යෙදුනේ එබැවිනි.
ඔහුට අනුව මෙම ස්ථානයේ කෑම විකිණීමට කිසිදු අවසරයක් දී නැතිබවත් , මේ පිළිබඳව විමසා බලා මෙය නතර කිරීමට කටයුතු යොදන බවත් විජේසිංහ මහතා අපට පොරොන්දු වි ඇති වාර ගණන බොහෝය .
එහෙත් අදටත් මේ සෞඛ්‍යට අහිතකර වෙළදාම නිරුපද්‍රිතය…..