ඔස්ට්‍රේලියාවේ ගොවිපොළ වල සේවය කිරීම සඳහා විදෙස් ශ්‍රමිකයින්ට පනවා තිබූ වීසා නීති ලිහිල් කෙරෙයි.

0
107

regional_visa_01_sbs_0ඔස්ට්‍රේලියාවේ ගොවිපොළ වල සේවය කිරීම සඳහා නිපුණතාව සහිත විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේදී පනවා තිබූ වීසා නීති ලිහිල් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

මේ අනුව අදාළ විදෙස් සංක්‍රමණිකයින්ට වසර 4 ක රැකියා වීසාවක් හිමිවන නමුත් ඔවුන් කෘෂිකාර්මික හෝ සත්ත්ව පාලන ක්ෂේත්‍රයක රැකියාවක නිරත විය යුතු අතර නියම කරන ලද කලාපයේ රැකියා කරමින් වාසය කළ යුතු වෙයි.

මේ අතර අනුග්‍රහය ලත් ක්‍රීඩකයින්ට සහ කලාකරුවන්ටද වසර 8 ක නව ඔස්ට්‍රේලියානු වීසා ක්‍රමයක් හඳුන්වා දී ඇතැයි News Corp Australia වාර්තා කරයි.

මෙම සියලු වීසා වෙනස්කම් පිළිබඳව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු අමාත්‍ය David Coleman අද (11/03) නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.
www.sbs.com.au