ඕපන් පේපර්ස් වාහන ලග තබාගත්ෙතාත් උසාවි..??

0
250

NegomboNews-අපි දන්න හිතවතෙක් එයා මීට අවුරැදු 4 කට පමණ උඩදි ගත්තු කාර් එක ලියාපදිංචිය වෙනස් කරගන්නේ නැතිව ඕපන් පේපර් හැටියට තියන් උන්න. ඔහොම ඉදල මෙයා මේ කාර් එක  අන්තර් ජාලයෙන් විකුණන්න දැන්විමක් පළ කළා. ඒ දැකපු මේ කාර් එකේ ලියාපදිංචිය සතු පුද්ගලයා ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දැම්මා මගේ කාර්  එක නැතිවෙලා කියල. කොහොම හරි දැන් කාර් එක උසාවියේ .දිග නඩුවක් ඒ විතරක් නෙමෙයි දැන් කඩිමුඩියේ ලියාපදිංචි කරගන්න ගියාම ගෙවන්න වෙන දඩය දන්නවද දවසකට .ඒක රැපියල් 100 ක් ගණන් හදල බලන්නකෝ .

මේ ගැන අපි වැඩි විස්තර දැනගත්තේ මීගමුව පිපල්ස් ලිසින් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ එම්. ජී.ආර් ප්‍රියංකර මහතාගෙන් ඔහු පළකළේ මෙවන් අදහසක්….

 

……”ඔපන් පේපර්ස් වාහන මිලදී ගැනීමේදීත් අලෙවියේදීත් ඉතා පරිස්සම් විය යුතුයි. පුද්ගලයෙක් වාහනයක් මිලදී ගත්තාහම ඒක තමන්ගේ නමට ලියාපදිංචි නොකර පැරණි අයිතිකරුවාගේ නමටම තියා ගෙන ඉන්න පෙළඹෙන්නේ නව ලියාපදිංචියකට යම් මුදලක් වැය වෙන නිසයි.

අනෙක් කරුණ තමයි සමාජයේ යම් මතයක් තියෙනවා අයිතිකරුවන් ගනන අඩුවෙන තරමට වාහනයක වටිනාකම වැඩියි කියලා. මෙන්න මේ හේතු මත තමයි බොහෝ දෙනෙක් ඕපන් පේපර්ස් පිට වාහන තියාගන්න පුරුදු වෙලා ඉන්නේ. වාහනයක් මිලදී ගෙන ඕපන් පේපර්ස් පිට තියාගෙන ඉන්න කොට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්්‍යාලයේ ලියාපදිංචි අයිතිකරුවා හදිසියේ හරි මිය ගියහොත් ඔහුගේ බිරිදට හෝ දරුවන්ට පුළුවන් ඒ වාහනයට උරුමකම් කීමට .ඒ පිලිබදව පොලිසියේ පැමිණිලි කර අධිකරණයෙන් තීන්දු වුවහොත් ඒ වාහනය මිලදී ගත්තු දෙවැනි අයිතකරුට ඒ සදහා අයිතියක් නීත්‍යානූකූලව ඔප්පු කර ගැනීමට නොහැකි වෙනවා. මොකද ඔහු මේ වාහනයේ දෙවැනි අයිතකරු ලෙස නීත්‍යාකනුකූලව ලියාපදිංචි වී නොමැති නිසා.

අනෙක කරුණ තමයි තමන්ගේ වාහනයක් වෙනත් අයෙකුට අලෙවිකරලා ඒ පුද්ගලයා තමන්ගේ නමට එය ලියාපදිංචි කර නොගෙන බැරිවේලාවත් ඒ වාහනය යොදා ගෙන යම් අවස්ථාවක හොරමැරකම් මංකොල්ලකෑම් ආදී කටයුතු වලට සම්බන්ධ වී සිටියහොත් , එවැනි අවස්ථාවක වාහනය පිලිබද කරන හෙලිදරව්වේදී හසු වන්නේ වාහනය අයිතිව සිටි පෙර අයිතිකරුවාවයි. ඒ තුල අනවශ්‍ය කරදර සහ වලට පැටලීමටත් විශාල පාඩුවක් සිදු වීමටත් මේ නිසා ඔහුට සිදු විය හැකියි. ඒ නිසා වාහනයක් අලෙවි කල පසු ඉතා ඉක්මනින් වාහනයේ පැවරම ලියාපදිංචි තැපැලෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්්‍යාලයට යවා එම ලියාපදිංචි කුයිතාන්සිය තමන් ළග සුරැකිව තබා ගත යුතුයි…”