ඕස්ට්‍රෙලියා ගිය 18ක් නැවත ලංකාවට

0
94

(7.50PM)download

2012 වසරේදී ලංකාවේ සිට නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියා ව බලා ගිය පුද්ගලයින්

18 දෙනෙකුව නැවත එරට බලධාරීන් විසින් විශේෂ  ගුවන් යානයකින් අද උදෑසන මෙරටට නැවත එවන ලදී.
අද දහවල් මෙම පුද්ගලයන් 18 දෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්දුා ජයසුරිය මහතා විසින් ඔවුන්ට ලක්ෂ 3 බැගින් ශරීර ඇප නියම කරන ලදී. මෙම පුද්ගලයන් යාපනය.උඩප්පුව,මඩකලපුව සහ පුත්තලම යන ප්‍රදේශ වල පුද්ගලයින් වේ.