ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදා යානාවලින් පැමිණි අයට ඇප

0
50

ඕස්ට්‍රේලියාව බලා බෝට්ටු මගින් පිටත්ව ගොස් එහිදි අත්අඩංගුවට පත්ව යළි දිවයින කරා ඕස්ට්‍රෙිලියානු රාජකීය ගුවන් හමුදා යානාවලින් පිටත් කර එවා බන්ධනාගාරගත කර සිටි පුද්ගලයන් 87 දෙනෙකු රුපියල් ලක්ෂ 5 බැගින් ශරිර  ඇපමත අද දින  අධිකරණය විසින් මුදාහැර ඇත.

මේ ුඅයුරින්ම ඊයේ දිනයේදිද පුද්ගලයන් 24 දෙනෙකු මෙලෙස ඇප ලබා තිබුණි.

මේ අතර ඔස්ට්‍රෙලියාව බලා යාමේ අදහසින් මීගමුවේ වෙරළේ සහ මුහදේ විවිධ ස්ථාන වලදි අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබෙන 200  ට ආසන්න පිරිසකගේ දෙම්වපියන් බිරියන් සහ ඥාතින් මේ දිනවල   දිනපතා අරගලයක නියැලි සිටින්නේ ඔවුන්ගේ  ආදරණියයන් අඩම තරමින් නත්තලට කලින් හෝ නිදහස් කර එවනු ඇතැයි යන විශ්වාසයෙනි.

මේ අයගෙන් 80% ක පමණ දෙනා වැල්ලවිදිය මුන්නක්කරය කුඩාපාඩුව සහ පිටිපන ප්‍රදේශවල අය වන  අතර මේ සියලු දෙනාගේ විස්තර සහිත සංදේශයක්  මීගමුව කලාපිය අනුනායක ආචාර්ය පැට්ට්‍රික් ප්‍රනාන්දු හිමියන් වෙතභාර දිමට නියමිතව තිබිණි.

මේ අය අතර සිටින ඉරණවිල පදිංචි කරුවන් එකම පවලේ දෙදෙනෙක් ඕස්ට්‍රේලියාවේ සිට පැමිණිමෙන් අනතුරුව අවස්ථා කිපයකදි අත්අඩංගුවට ගෙන මුදා හැර යළිත් බන්ධනාගාරගත කර වසර 2 ක් ඉක්මවා ගොස් තිබුනද ඔවුන් නිදහස් කර ගැනිමට නොහැකිව ඇතැයි අපට කරුණු දන්වා සිටියේය.