ඖෂධශාලා හිමියනි මේ ගැනත් හිතන්න..

0
57

හිතවත් ඖෂධශාලා හිමියනි මෙම අවධානම් අවස්ථාවේ ඔබ රෝගීන් වෙනුවෙන් සිදුකරන මෙහෙය තව දුරටත් ජනතා හිතවාදී සේවයක් බවට පත් කරගනු පිණිස, අත මිට හිඟ අසරණ රෝගීන් වෙනුවෙන් මිලෙන් අඩු ඖෂධ ලබා දිමට කාරුණික වන්න.

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ අංක 56 (4 ) උප වගන්තිය යටතේ ඒ සඳහා ඔබට නීතිමය ආවරණය ලැබී තිබේ.“ ඖෂධ වට්ටෝරුවේ සඳහන් වෙළද නාමයෙන් දක්වා ඇති ඖෂධය එකී ඔසුසලේ නොමැති විටකදී හෝ දක්වා ඇති මිලට ලබාගැනීමට පාරිභෝගිකයාට නොහැකිවන අවස්ථවේදී, පාරිභෝගිකයාගේ කැමැත්ත මත ඖෂධවේදියා විසින් වෙනත් වර්ගීය ඖෂධයක් පාරිභෝගිකයාට ලබා දිය හැක.”
සැමට සුව සෙත
( සිරි වීරප්‍රිය මහතාගේ ෆේස් බුක් පිටුවෙනි )