පසුගිය 12 වනදා සාම්පුර්හිදි කංජි පිලියෙල කිරිමේ යෙදි සිටි පිරිසකට එරෙහිව පොලිසිය ගෙන තිබුන ආමානුෂික ක්‍රියාමාර්ගවලට එරෙහිව අද කොළඹ පොලිස් මුලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණි.





කැඳ පිලියෙල කරමින් සිටි කාන්තාවක් පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් බිම දිගේ ඇදගෙන යන දර්ශන නැගෙනහිර මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍යකරුවන් විසින් සමාජ මාධ්‍ය වේදිකා හරහා සමාජ ගත කොට තිබුනි.මෙම අවස්ථාවේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි අයෙකුව පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මැයි 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
මෙම ම්ලේච්ඡ සිදුවිමට එරෙහිව මෙම විරෝධතාවය අතුරුදන්වුවන්ගේ පවුල් එකතුව විසින් මෙය සංවිධානය කර තිබුණි.
යුද්ධයේ අවසන් සමයේ සිය කුසගිනි නිවාගැනිම සදහා දමිල ජනයා විසින් පිලියෙල කරන ලද කංජි මේ දිනවල මැයි 18 මුල්වයික්කාල් සැමරුම මුල්කොට ගෙන උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ජනයා සිදුකරමින් සිටිති.






එහෙත් මේ ආකාරයෙන් කැඳ දන්සලක් හෝ පැවැත්විමට නැගෙනහිරදි පොලිසිය ඉඩ දි තිබුනේ නැත.
නැගෙනහිර දි පොලිසිය එරෙහි වන කැද දානය අද පොලිස් මුලස්ථානය ඉදිරිපිටදි පැවැත්විමටද විරෝධතාකරුවන් විසින් සංවිධානය කර තිබුණි.
විරෝධතාවය අවසානයේ පොලිස් මුලස්ථානය වෙත සංදේශයක් භාරදිමටද විරෝධතාකරුවෝ කටයුතු කළහ.