“කංජිත්” ඇලජික් වුන පොලිසියට එරෙහිව හෙට(15) විරෝධතා

0
457

සහෝදර ඔබගෙන් කරන ආයාචනයයි.

අපි අම්මලා, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ.

පසුගිය 12 වෙනිදා රාත්‍රියේ යුද්ධයේ වින්දිතයින් අනුස්මරණය කරන පිලිවෙත් අතරතුර, සවුකන්ජි බෙදා හැරීම නිසා නිවෙස්වලට කඩාවැදී, හිංසා කරමින් කාන්තාවන් තිදෙනෙක් සහ එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමට අදාළ, සාම්පූර්වල සිදුවූ සිදුවීම ගැන ඔබ දැනුවත් ඇති. https://www.facebook.com/share/v/t2Qq2MYPzvucKsAw/?mibextid=oFDknk

මෙවැනි සිදුවීම් යලි යලිත් සිදුවනු දැකීමෙන් අතුරුදන්වූ පවුල්වල මවුවරු, බිරින්දෑවරු ලෙස සහ පොදුවේ මේ රටේ කාන්තාවන් ලෙස අප මහත් කම්පාවටත්, පීඩාවටත් ලක්ව සිටිමු. අනුස්මරණ අයිතියට පොලීසිය අත තැබීම අප තරයේ හෙලා දකිමු!

එබැවින් මෙම සිදුවීමට විරෝධය දක්වමින් පොදු ක්‍රියාමාර්ගකට එළඹිය යුතුය යන්න අපගේ අදහසයි. පොලීසියේ මෙම නින්දිත ක්‍රියාවට එරෙහිව විරෝධතාවක් හා පෙත්සමක් භාරදීම අපගේ අදහසයි.

⛔ දිනය: 2024.05.15
⛔ වේලාව: දවල් 12ට
⛔ ස්ථානය: පොලිස් මූලස්ථානය ඉදිරිපිට, කොළඹ