කටවුට්-බැනර් ඉවත් නොකළහොත් එය දඬුවම් ලැබිය හැකි වරදක්-මැකො

0
51

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ දේශපාලන ප්‍රරවර්ධන කටවුට් හා බැනර් ඉවත් කිරීමක් නොකරහොත් එය නාමයෝජනා දිනයේ සිට දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද(04) රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

දේශපාලන ප්‍රරවර්ධන කටවුට් හා බැනර් ස්වෙච්චාවෙන් ඉවත් කරන ලෙස අදාළ දෙශපාල පක්ෂ අපේක්ෂයින් හට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති පැවසීය.

මේ අතර අද සවස සිට රාජගිරිය අවට ප්‍රදේශවල ඇති දේශපාලන ප්‍රරවර්ධන කටවුට් හා බැනර් ඉවත් කිරීම සිදු කරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.

මේ අතර දේශපාලන මුහුණුවරක් ගන්නා සියලු උත්සව සම්බන්ධයෙන් රජයේ නිළධාරින්ට වගකීම පවරා ඇති බව මැතවරණ කොමිසම පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ පත්වීම් සහ රාජ්‍ය උත්සව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අනුමැතිය ලබාගත යුතු බවයි.

මේ අතර නාම යොජනා භාර දීමත් සමඟ සියලු ම අපේක්ෂකයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඒ සමඟ ම භාර දිය යුතු බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දන්වා සිටියි.
adaderana.lk