” කටවුට් වැඩක් නෑ – මෛත්‍රී ඉන්නවනේ ”

0
80

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  මැතිවරණ ප්‍රචාරක පුවරුවක්  දංකොටුව නගරයේදී  ඊයේ සවස හෝ රාත්‍රියේදී විනාශ කොට තිබේ. මේ සම්බන්ධයෙන් දංකොටුව නගරයේ තැනින් තැන යම් කසුකුසුවක් ඇතිවී ඇති අතර   මෙයට ප්‍රතික්‍රියාවක් දැක්විය යුතු බවට මෙම ප්‍රදේශයේ විපක්ෂයේ ඇතැමුන් අතර ද කතාබහක් ඇතිවී තිබේ. මේ සාකච්ඡාව අසා සිටි  තවත් පුද්ගලයෙකු  පවසා ඇත්තේ දැන් ඔවට කලබල වෙලා තේරුමක් නෑ -දැන් වෙන්ඩ ඕනා වැඩේ කෙරුණනේ , කටවුට් නැති වුණාට මෛත්‍රී ඉන්නවානේ කියායි. අපිට  දැන් ඕනා සාමකාමී වාතාවරණයක් යැයි පවසා ඔහු විසින් අර පුද්ගලයන් සන්සුන් කර තිබේ. මේ අවවාදය කර ඇත්තේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට සම්බන්ධ වූ ඒ ප්‍රදේශයේ සාමාජිකයෙකි.
safe_image