කට්ටුව , කළු පාලම ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර තර්ජනයට නගර සභාවෙන් විසඳුමක් !

0
51

 

මීගමුවේ සිට ගලා එන දෙපා ඇල , හැමිල්ටන් ඇළට වැටෙන මීගමුව, කට්ටුව ප්‍රදේශයේ කළු පාලම නමින් හඳුන්වන ස්ථානයේ කළ ඉදිකිරීමක් නිසා පසුගියදා ඇති වූ වර්ෂාවත් සමඟ එම ප්‍රදේශයට දැඩි ගංවතුර තත්ත්වයක් ඇති විය. මෙම ගංවතුර තත්වය හේතුවෙන් දින කිහිපයක්ම එම ප්‍රදේශයේ ඇති නිවාස 20 ක පමණ වෙසෙන ජනතාවට දැඩි දුෂ්කරතාවයන් සහ අපහසුතාවයන් රැසකට මුහුණ පෑමට සිදුවිය . මෙම ප්‍රදේශය මෙලෙස ගංවතුර තත්ත්වයකට මින් පෙර ලක් වී නොමැති අතර මෙලෙස මේ ප්‍රදේශය දැඩි ගංවතුර තර්ජනයට ලක්වුයේ මෙම කළු පාලම නමින් හද්‍රනුවන ලබන ස්ථානය හරස් කරමින් අතිරේක දුම්රිය මාර්ගයක් තැනීම සඳහා කල ඉදිකිරීමක් නිසාවෙනි.

කොළඹ සිට හලාවත දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ස්ථාපිත කිරීමට සැලසුම් ඉදිරිපත් වී තිබුනේ මීට වසර කිහිපයකට පෙරදීය. ඒ අනුව රාගම සිට හලාවත දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ස්ථාපිත කිරීම ආරම්භ වූයේ මීට වසර කිහිපයකට පෙරාතුවය. ඒ අනුව මෙම ද්විත්ව දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීමේ සැලසුමට අනුව ප්‍රථම අදියර ලෙස රාගම සිට මීගමුව දක්වා තවත් අතිරේක දුම්රිය මාර්ගයක් ඉදිකල අතර මේ වන විට එය ක්‍රියාත්මක තත්ත්වයේ පවතී.එහි තවත් අදියරක් ලෙස මීගමුව සිට කොච්චිකඩේ දක්වා එම ද්විත්ව මාර්ග සැලසුමට අනුව අනෙක් අතිරේක දුම්රිය මාර්ගය ඉදිකරමින් පවතී.

දෙපා ඇල, හැමිල්ටන් ඇලට වැටන කළු පාලම නමින් හඳුන්වන ස්ථානයෙන් ,දෙපා ඇල අවහිරවන සේ, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එහි කොන්ක්‍රීට් බැම්මක් ඉදිකිරීම සඳහා ,එම ඉදිකිරීම් කටයුතු පහසු වන ලෙස තහඩු යොදා එහි ජල මාර්ගය හරස් කර ඇත. එලෙස එම කළු පාලම අසල ජල මාර්ගය හරස් කිරීමෙන් කල ගොඩකිරීමක් සහ ජල පාර හරස් කිරීම හේතුවෙන් වැසි ජලය නිසි ලෙස බැස යාමට නොහැකි ලෙස අවහිර වීමෙන් මෙම ගංවතුර තත්වය ඇති වී තිබේ.

මේ පිළිබඳව කළ දැනුම්දීමකට අනුව මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියද මේ ස්ථානයට පැමිණ ,මේ තත්ත්වය පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව පසුගිය 11 වැනි දින (11/10/2024) ක්‍රියාත්මක වූ මීගමුව මහ නගර සභාවේ කොමසාරිස්වරිය සහ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරි ගුණරත්න මහතා ද එහි කම්කරු පිරිසක් ද ඒ සඳහා යොමු කර බැකෝ යන්ත්‍ර දමා ජලය ගලා යෑමට අවහිර කර තිබූ තහඩු බැමි ගලවා දැමීමට කටයුතු කළහ.

මෙම අතිරේක දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ,එම ඉදිකිරීම් කටයුතු පහසු වන සේ එම ජල මාර්ගය හරස්කර දැඩි ඝනකමින් යුත් සහ වැඩි දිගකින් යුත් තහඩු කිහිපයක්ම දමා එම ජල මඟ හරස් කර තිබිණ.බැකෝ යන්ත්‍ර ආධාරයෙන් එම තහඩු ගලවා ඉවත් කළ පසු ජලය නිසි ලෙස ගලා යෑම සිදුවීමෙන් ,එම ප්‍රදේශයට ඇතුව තිබු ගංවතුර තත්ත්වය මේ වන විට පහව ගොස් තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අවහිර කර තිබු මීගමුවේ දෙපා ඇල නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමේ කාර්යයේදී මූලික වු මීගමුවේ නාගරික කොමසාරිස්කුමියට,ප්‍රාදේශීය ලේකම්තුමියට, ග්‍රාම නිලධාරි මහත්ම මහත්මාවීන්ටද එලෙසම, මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න මහතාටද එලෙසම එහි කාර්ය මණ්ඩලයට ද ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්වූ එම ප්‍රදේශවාසීන් වෙනුවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ප්‍රවීන් අල්මේදා මහතා සිය ස්තූතිය පුද කළේය.