බලමණ්ඩලයක් හෝ මධ්‍යම සංවිධානයක් යැයි කියා විධිමත් ව්‍යුහයක් නැති මිගමුවේදි එම රැස්විම පැවැත්වා තිබුණේ තරු පංති හෝටලයකදිය.
කටාන ආසනයේ එකි රැස්විම බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රි ආන්න්ද හරිස්චන්ද්‍ර විසින් සංවිධානය කර තිබුණ අතර දිස්ත්‍රික් නායක ලෙස ඇමති ප්‍රසන්න රණතුංගද ඊට සහභාගිව ඇත.
එහෙත් ඇමති නිමල් ලංසා විසින් සංවිධානය කරනු ලැබු මිගමුව රැස්විමට ඇමති ප්‍රසන්න පැමිණ තිබුනේ නැත.
මේ පිළිබදව එහි පැමිණ සිටි පොහොට්ටු ක්‍රියාකාරින් විසින් විමසා සිටියද රැස්විම් සංවිධායකයන් කියා ඇත්තේ ප්‍රසන්න රණතුංග පැමිණිමට නියමිතයැයි කියාය.
මේ අතර වත්තල ආසනයේ පැවැති මධ්‍යම බලමණ්ඩල රැස්විමටද ප්‍රසන්න රණතුංග පැමිණ නොතිබිෙමන් පෙනි යන්නේ නිමල් ලංසා පිළිබදව එතරම් ප්‍රසාදයක් ප්‍රසන්න තුල නැතැයි දිස්ත්‍රික්කය පුරා ප්‍රචාරය වෙමින් ඇති කරුණ තවදුරටත් තහවුරු වි ඇති බවය.