කටානේ නිවසකට පහරදුන් මැරයින් වෙඩිවැදී රෝහලේ

0
82

ඊයේ (18)  රාත්‍රී 8.20ට පමණ කටාන  විජය සමරුගම ප්‍රෙද්ශයේ නිවසකට ඇතුළු වී ඇති 30 කට ආසන්න පිරිසක් එම නිවසේ සිටි මව, පුුතු, හා ලේලිය යන තිදෙනාට දරුණු ලෙස පහර දී පිහි වලින් කපා දමා ඇති අතර නිවසට ද අලාභ හානි සිදුකර ඇත. මේ විට තුවාල ලත් එම පවුලේ තුන්දෙනා සහ මෙම පහරදීමට මුල්වූ මැරයින් දෙදෙනෙකුද පොලිස් වෙඩි පහරට ලක්ව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි. සිදුවීමට හේතුව පුද්ගලික ආරවුලක් බව වාර්තා වන අතර එම සිදුවීම සිදුවන අවස්තාවේ එම නිවසට තරමක් නුදුරින් සංගීත සංදර්ශනයක් පැවැත්වෙමින් තිබී ඇත. එම ස්ථානයට පැමිණ සිටි මීගමුව පොලීසියේ නිලධාරීන්ට මෙම නිවසේ පුද්ගලයින්ට සිදුවෙමින් ඇති පහරදීම ගැන ආරංචිය ලැබී ඔවුන් එම නිවසට ගොස් ඇත. එම අවස්ථාවේදී මෙම පහරදීමට පැමිණවිත් සිිටි පුද්ගලයන් හා පොලීසිය අතර ගැටුමක් ඇතිවී ඇති අතර පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩී වැදී තිබේ.
පහරකෑමට ලක්වී ඇති මවගේ වයස අවුරුදු 52ක් වන අතර පුතාගේ වයස 21ක්ද ලේලියගේ වයස අවු.21ක් ද වේ.Hospitel Admit new






ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්