කටානේ පොහොට්ටු පාලනය අසාර්ථකයි! අක්කර පනහ ඩෙංගු වසංගත තත්වයක් !

0
58

dengue-mosquitoඅක්කර පනහ ,සමෘද්ධිගම,කඳසුරිදුගම ප්‍රදේශ අයත් වන්නේ කටාන ප්‍රාදේශිය සභා බලප්‍රදේශයටය. එය පාලනය වන්නේ පොහොට්ටුවේ නායකත්වයෙනි.
දැන් මේ ප්‍රදේශයවල ඩෙංගු සීග්‍රයෙන් පැතිර යමින් වසංගත තත්වයක් කරා ගමන් කරමින් තිබේ.
දින 10 ක් දෙවන මරණයත් මේ අනුව වාර්ථා වි තිබේ.
මේ ප්‍රදේශයේ පළමු මරණය ලෙස වාර්ථා වුයේ කටුනායක රෝමාණු කතෝලික විදුහලේ විදුහල්පතිණියගේ වියෝවයි.
ඒ දිනවලම ඇගේ දියණියද රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියාය.
මේ අතර ඩෙංගු වැළදීමෙන්  හරිස්චන්ද්‍ර විදුහලේ ඉගෙනුම ලබන කුඩා දි්‍යණියක අද දිනයේ ජිවිතයෙන් සමුගෙන තිබේ.
මීගමුව රෝහලේ විශේෂ ඩෙංගු ඒකකයේ  දින 10 ක කාලය තුල සිදුව තිබුන 2 වන මරණය ලෙසින් මෙය දැන් වාර්ථාවලට එක් වෙමින් තිබේ.
සැබැවින්ම මෙය අතිශය භායනක තත්වයකි.
එනම් අක්කර පනහ ප්‍රදේශය පුරාවට වසංගත තත්වයක් ලෙසින් ඩෙංගු පැතිර යාම පාලනය කරගැනිමට නොහැකිව ඇත්තේ කටානේ පොහොට්ටු ප්‍රාදේශිය පාලනය ජිවිත බිලිගන්නා අසාර්ථක පාලනයක් බවට මේ අනුව පත්ව තිබේ.
මේ තත්වය තුල කළදුටු කළ වලඉහගන්නට දගලන මිගමුවේ පොහොට්ටු පාලකයන් මිගමුවේ බදුමදුල් වලින් අයියා මලෝ යුගලයේ දේශපාලනය ගොඩදාගන්නට කටානට දුම්ගහමින් දේශපාලන මාධ්‍ය සංදර්ශනයක් ඉදිරිපත් කරමින් සිටිති.