කටාන මන්ත්‍රිවරියකගේ දෙපතුල යටින් දොරේ යන යහපාලනයේ ආශ්චර්යය????

0
130

එජාපයට සම්බන්ධ මන්ත්‍රිවරියකගේ  ආධාරකරුවන් පිරිසක් විසින් කටාන ප්‍රදේශයේදි විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් ගැනිමට කටයුතු කරමින් ඇති බවට තොරතුරු අවස්ථා කිපයකදිම අප විසින් හෙළිදරව් කළෙමු.
මේ සම්බන්ධ පළමු තොරතුරු අපට දන්වා සිටියේ එජාපයේ සිට පොදු පෙරමුණට ගිය නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා විසිනි.
ඒ ඔහු විසින් මිළට ගැනිමට ගිය ඉඩමක් අරභයා මේ පිරිස විසින් කප්පම් ඉල්ලා සිටිමත් සමගින්ය.
අද උදෑසන කටානේ දි පිරිසක් පැමිණ මැටි වලකින් කප්පම් ඉල්ලිමේ  සිද්ධියක් පිළිබදව අද දිනයේ කොච්චිකඩේ පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු එහි පැමිණ ඇති මැර පිරිසක් මේ මැටි වලේ අයට හොදටම පහරදිි ඇත.
හිසට වැදුන කඩු පහරක් හේතුවෙන් නිලංග නැමැති අයෙකු මීගමුව රෝහලේ 6 වන වාට්ටුවේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබයි.එමෙන්ම නිලංගගේ සොහොයුරෙකුගේ අතක්ද කැඩි ඇතැයි ඔහු පවසයි.
මේ පිළිබදව කොච්චිකඩේ පොලිසියට පැමිණිලි කරඇත
මේ පිරිස පළාත් සභා මන්ත්‍රිණි රෝස් ප්‍රනාන්දුගේ ආධාරකරුවන් පිරිසක් බව පහරකෑමට ලක්වුවන් පවසා සිටිති.rose