කටාන සමුපෙන් පැන්නු බඩු දංකොටුවෙන් අල්ලලා ?

0
351

cartoon-thief-running-vector-illustration-32465599කටාන සමුපකාරයට මිට සුළු මොහොතකට කලින් පැමිණි අයෙකු කොච්චිකඩේ බේකන් හෝටලයට යැයි කියා රු 70500 බඩු ගෙනගොස් ඇත්තේ වෙක් වලින් ගෙවන පොරොන්දුව පිටය.
එහෙත් එහි පැමිණ ඇත්තේ ඇත්තටම බේකන් හෝටලයෙන් නොවන බව දැනගැනිමේන් අනතුරුව අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන්ටද දැන්විමෙන් අනතුරුව වහා ක්‍රියාත්මකව ඇති ඔවුන් එකි බඩු සියල්ලම දංකොටුවේ සියරට නම් වු කඩයකින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ බඩු රැගෙන ගිය ලොරියද අත්අඩංගුවට ගෙන ඇත.
මේ මෙහෙයුම ක්‍රියාත්මක කළ හොරාව ඇල්ලිම සදහා කොච්චිකඩේ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ කටයුතු මෙහෙයවන බව සැලය