කටාන සමුප අධ්‍යක්ෂක මණ්ඩලයට තරග කළ ඇමති ලංසාගේ මස්සිනාත් පරාදයි ?

0
36

Nimal Lකටාන විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරාගැනීම සදහා වු ඡන්දයට විශාල මුදලක් වැය කරමින් තරඟ කර තිබු ඇමති නිමල් ලංසාගේ මස්සිනා කෙනෙකු වන අක්කර පනහ ප්‍රදේශයේ පදිංචි එරංග නැමැත්තාද පරාජයට පත්ව ඇතැයි වාර්තා වේ.
ආනන්ද හරිස්චන්ද්‍රගේ මෙහෙයවිම මත ක්‍රියාත්මක වු එකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ අයෙකු ලෙසින් ඔහු මෙසේ අධ්‍යක්ෂක මණ්ඩලය සදහා තරඟ කර තිබුණි.
ඒ එජාපය හා සන්ධාන ගත වෙමිනි.
ශ්‍රිලනිප කණ්ඩායම සදහා වු ඡන්ද ප්‍රකාශය කිරිම සදහා සුදුසුකම් ලැබු සමාජිකයන් 69 දෙනාගෙන් එකාබද්ධ විපක්ෂ පිළට සහය දක්වන්නට සිටියේ 5 දෙනෙකු පමණක් යැයිද වාර්ථා වේ.
කෙසේ වෙතත් ලංසා පවුලේ දේශපාලනය කටානට පතුරුවා ලිම සදහා ඉදිරිපත්කරන්නට යෙදුන මස්සිනාගේ සිහිනය මෙසේ ලත්තැනම ලොප්ව ඇතැයි කටාන ශ්‍රිලනිප පාක්ෂිකයෝ කියා සිටිති.