කටුනායක ඇවරිවත්ත අවට උග්‍ර භූමිතෙල් හිඟයක් ?

0
165

මේ වන විට කටුනායක ඇවරිවත්ත අවට ප්‍රදේශවල උග්‍ර භූමිතෙල් හිගයක් පවතින බව අපට වාර්තා විය.
දැනට ඇවරි වත්ත ප්‍රදේශයේ තොග බඩු කඩ කිහිපයකට බඩු බෙදා හැරීම සඳහා අවසර දී තිබුණත් එම කඩවල භූමිතෙල් telephone card වැනිදෑ නැති බැවින් තමන් බොහෝ අසීරුතාවයකට ද පත්ව ඇතැයි ඔවුන් පවසයි.

හෙට විසඳුමක් ලෙස සේවකයින් පවසන්නේ තොග බඩු කඩයකට බඩු බෙදා හැරීම සඳහා අවසර දෙන අවස්ථාවේ සාමාන්‍ය කඩයකට අවසර දුන්නේ නම් භූමිතෙල් telephone card data card වැනි දෑ ලබාගන්නට පහසු බවයි.

එසේම එම තොග බඩු කඩ වලට ඈතින් පිහිටි නේවාසිකාගාර වල සේවකයින්ට එතෙක් දුර යාමට අවසර නැතිවා සේම මෙම කාලයේ කොවිඩ් වෛරසය ඉතාම තදින් එම ප්‍රදේශ වල පැතිරෙන බැවින් එවැනි දුරක් යාමටද ඔවුන් අදිමදි කරන බව ද වාර්තා වෙයි.

රට ම වසා දමන මොහොතේ මෙන්ම අගුලු දමන මොහොතවල් වලදී නේවාසිකාගාර වල රැඳී සිටින නිදහස් වෙළඳ කලාප සේවකයින්ගෙන් වැඩිදෙනෙක් කෑම උයාගෙන කන්නේ භූමිතෙල් ලිප් වල බැවින් ඒ ගැනත් සිතා ඒ සඳහා පියවර ගන්නා නිලධාරීන් පියවර ගත යුතු බවත් තමන්ගේ දෙමව්පියන් නෑදෑ හිතමිත්‍රාදීන් මාස ගණනකින් දැක නැති මොවුන් ටෙලිපෝනය මගින් කතා කරන අවස්ථා වැඩි නිසා ටෙලිෆොන් කාඩ් ගත හැකි භූමිතෙල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගත හැකි සේ සාමාන්‍ය කඩයකුත් විවර කර දෙනවා නම් ඉතාමත් සතුටු වන බව ද ඔවුන් වැඩිදුරටත් පැවසීය.
චන්ද්‍රා දේවනාරායන