කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ඉන් පිටත පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා 28 ක සේවකයින් 358 දෙනෙකුට 10/22 දින වනවිට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පවසා ඇතැයි අද වෙබ් අඩවිය වාර්ථා කර තිබේ
ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 21 ක සේවය කරන සේවකයින් 331 දෙනෙකුට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා 07 ක සේවය කරන සේවකයින් 27 දෙනෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා කියා ඇත
එමෙන්ම ගත වූ පැය 24 ක කාළය තුළ කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් කොරෝනා ආසාදනය වූ සේවකයින් 18 දෙනෙකු සොයාගෙන තිබේ