කටුනායක කර්මාන්තශාලා 50කින් කොරෝනා රෝගින් 837 ක් ?

0
316

කටුනායක ප්‍රදේශය තුළින් කොරෝනා අසාදිත රෝගින් වාර්තා විම තවමත් නැවති නැත.
ඊයේ දිනයේදි කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 25 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසු බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටා ඇති කර්මාන්තශාලා 04 ක සේවය කරන සේවකයින් 15 දෙදෙනෙකුට  අද දින මෙම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බ වැඩිදුරටත් එහි සදහන්ය

ඒ අනුව මේ දක්වා මෙම කටුනායක කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 50 ක සේවය කරන සේවකයින් 837 දෙනෙකුට මෙම  කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් දිගින් දිගම ආසාදිතයන් බවට පත්වෙමින් තිබුණද සිය හාම්පුතුන් විසින් ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමුකර අවැසි සහය ලබාදිමට කටයුතු කර නොතිබිම පසුගිය කාලය පුරාම කැපි පෙනෙන තත්වයක් විය