කටුනායක ගුවන්තොටුපලේ නෙස්කැෆේ එකක් රු 620ක්!

0
120
dav

කටුනායක, ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙහි තේ අලෙවි කිරීමේ සාප්පු පවත්වා ගෙන යෑම සඳහා ප්‍රසම්පාදන පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි

එම සාප්පු පවත්වාගෙන යෑම සඳහා ජාතික තරගකාරී ලංසු ක්‍රියාවලිය යටතේ ලංසු කැඳවා ඇති අතර ලංසුකරුවන් 8 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කර ඇති බවද එම පුවත් වල වැඩිදුරටත් සදහන් විය

ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Euro Scan Exports (Pvt) Limited, English Tea Shop (UK) Limited, Sunshine Consumer Lanka ,Limited,UHEExports (Pt) Limited,Ceylon Royal Teas (Pvt) Limited යන සමාගම් වෙත අදාළ ‌කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් ‌සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නෙස්කැෆේ එකක මිළ දෙගුණයකින් වැඩිවි ඇතැයි ගුවන් මගින් චෝදනා කර සිටිති.
මිට පෙර ඩොලර් 1 ක් පමණ වු නෙස්කැෆේ එකක මිළ දැන් රුපියල් වලින්ම 620 ක් වි ඇතැයි ගුවන් මගීන් චෝදනා කර සිටි.බඩු මිළ අඩුවි ඇතැයි කියන රටේ ඩොලරයේ අයගද පහල යමින් තිබියදි නෙස්කැෆේ විකුණන මුදලාලිලව පාලනය කරගන්නට රජයට බැරිදැයි මේ මගි ජනයා විමසා සිටිති