කටුනායක ගුවන්තොටුපළේ අද සිට ආරක්ෂක කැමරා

0
309

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට අධිතාක්ෂණය හා කෘතිම බුද්ධිය භාවිතා කරමින් ස්වයංක්‍රීයව මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) සිදු විය.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ මෙම පද්ධතිය අද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ ස්ථාපිත කරන ලදී.

මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලනයට යටත්ව ක්‍රියාත්මක වේ. වෙස් වලාගෙන හෝ අවිධිත් ලෙස පැමිණෙන ඔ්නෑම සැකකරුවෙකු හඳුනාගැනීමේ හැකියාව පරිගණක මගින් සිදු කල හැකි අතර, සංවිධානතාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සාර්ථකව සිදු කිරීමට මෙම පද්ධතිය මගින් හැකියාව ලැබේ.

ජායාරුපය උපුටාගැනීම – news.lk