කටුනායක ගුවන්තොටේ ධාවනපථය මාස 3 කට තාවකාලිකව වසා දැමේ ?

0
66

runawayශ්‍රී ලංකාවේ ප්‍රධානම ගුවන් තොටුපළ වන කටුනායක බන්ඩාරණායක ගුවන් තොටුපළ ගුවන් ධාවන පථයේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් මාස 03ක කාලයක් සඳහා දිනකට ආසන්න වශයෙන් පැය අටක් වසා දැමීමට සිදුවන බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සන්ඩේ ටයිම්ස් පුවත් පතට පවසා ඇතැයි ලංකාඑවියේෂන් වෙබ් අඩවිය වාර්ථා කරයි.

කටුනායක ගුවන් තොටුපළ ධාවන පථයේ අළුත්වැඩියා කටයුතු අවසන්වරට සිදුකර ඇත්තේ 1986 වසරේදීය.මේ වන විට කටුනායක ගුවන් තොටුපළ මගින් දිනකට ගුවන් යානා මෙහෙයුම් 175ක් පමණ සිදුකරන බවත් එම ගුවන් මෙහෙයුම් වලට බාධාවක් නොවන අයුරින් අදාළ අළුත්වැඩියා කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.
මෙසේ ගුවන්තොට තාවකාලිකව වසා දැමිමට නියමිතව ඇත්තේ 2017 වසරේදිය.
(lankaaviationnews.com ඇසුරෙනි)