කටුනායක ගුවන්තොටේ ක්‍රියාත්මක කර ඇති මහා පරිමාණ ව්‍යපෘතියක ඉදිකිරීමකට අදාළ කොන්ත්‍රාත්කරුවන් හා ඒ සම්බන්ධ තොරතුරු තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය නිමල් සිරිපාල මහතා කටුනායක ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ආනන්ද විමලසේන මහතා ඇතුළු නිලධාරීන්ට බැණ වැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් ගුවන්තොටුපළ නිලධාරීන් හා සේවකයන් දැඩි කලකිරීමකට පත්ව ඇතැයි ද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ධූරයෙන් ඉවත් වීමේ අවදානමක් මතුව ඇතැයි ද කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ත පවසයි.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය 5 වනදා කටුනායක ගුවන්තොටුපළේ සංචාරය කළ අවස්ථාවේ මෙම සිදුවීම හට ගෙන ඇතැයි පැවසේ.
කටුනායක ගුවන්තොටුපළේ ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යපෘතිය ජැයිකා ආයතනය හා ගුවන්තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ ඒකාබද්ධ වීමෙන් සිදු වෙමින් පවති.
කටුනායක ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ආනන්ද විමලසේන මහතා ගුවන්තොටුපළ තුළ පෙර පැවති දූෂිත ක්‍රියා නැවත්වීමට මැදිහත්වූ නිලධාරියකු බව එහි සේවකයෝ සඳහන් කරති.
පසුගියදා සිදුකෙරුණු නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ මෙම ගුවන්තොටුපළ සංචාරයේ අරමුණ කුමක්ද යන්න අප අමාත්‍යංශ නිලධාරියකුගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ මෙම සංචාරයේ අරමුණ කුමක්දැයි තමන් නොදන්නා බවයි. එලෙස ම ප්‍රවාහන අමාත්‍යංශයට සිවිල් ගුවන් සේවා කොටස එක්කර ඇත්දැයි තමා නොදන්නා බව ද මෙම නිලධාරියා සඳහන් කළේ ය.
http://thecolombopost.net