කටුනායක නිදහස් වෙළද කලාපෙන් කොරෝනා පොකුරක් බිහිවෙන ලකුණු ???

0
167

කටුනායක නිදහස් වෙළද කලාපයේ ස්මාට් ෂර්ට් 01 ආයතනයේ සේවකයන් 40 කට ආසන්න පිරිසකට කොරෝනා වැළදි ඇතැයි අද වාර්තා විය.
එහි සේවකයන් චෝදනා කරන්නේ අදාල බලධාරින් මේ ගැන කලින් දැනුවත්ව සිටියද එය පාලනය කිරිමට කිසිදු පියවරයක් නොගත් බවය.PCR පරික්ෂණවලට සම්බන්ධ විමෙන් පසු එම සේවකයන්ට වෛරසය වැළදි ඇතිදැයි දැනගැනිමට පෙරම ඔවුන් සේවාස්ථානයට කැදවා වැඩවල නිරතවන ලෙස දැනුම් දි තිබිම ගැනද ස්මාට් ෂර්ට් සේවකයෝ චෝදනා කර සිටිති.
සේවක සේවිකාවන් 1000 කට ආසන්න පිරිසක් සේවය කරන ස්මාර්ට් ෂර්ට් ආයතනය නිදහස් වෙළද කලාපය තුල නව අර්බුදයක් දැන් නිර්මාණය කර ඇති බැව් පෙනේ .