කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ආසාදිතයන් ගණන 39 දක්වා ඉහලට …

0
313

FTZ 1කටුනායක නිදහස් වෙළෙද කළාපයේ තවත් සේවකයින් 22දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව අරුණ වෙබ් අඩවිය සදහන් කර තිබේ

ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ ඊයේ  පස්වරු 5.30 වන විට මෙම කොවිඩ් ආසාදිතයින් ගණන හදුනාගත් බවයි.

ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙද කළාපයෙන් හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 39ක් වි තිබේ

මීට පෙර කටුනායක නිදහස් වෙළෙද කළාපයෙන් හදුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 17 කි.

නිදහස් වෙළඳ කලාප කම්කරු නේවාසිකයන් අතර කෑම හිඟයක් ..

නිදහස් වෙළඳ කලාපයේ  කම්කරු අයිතිවාසිකම් මැදිහත් වන ඩාබිඳු සාමුහිකයේ  චමිලා තුෂාරිගෙන් කළ විමසුමකදි කියා සිටියේ දැනටමත් නිදහස් වෙළද කලාපයේ කර්මන්තශාලා 6 ක් පමණ වසා දමා ඇති බවය. නේවාසිකව සිටින නිදහස් වෙළද කලාප කම්කරුවන් අතර කෑම හිඟයක් පවතින බවද ඇය සඳහන් කළාය.

නිදහස් වෙළඳ කලාපය වහන්නේ නෑ.

පසුගිය වර කොරෝනා පැතිර යද්දි නිදහස් වෙළද කලාප කම්කරුවන් හට කෑම සපයා දිම සදහා පැවැති වැඩපිලිවෙල් මෙවර තවමත් ක්‍රියාත්මකව නැති බවද ඇය අවධාරණය කර සිටියාය

පවතින කොවිඩ්-19 තර්ජනය හේතුවෙන්, කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා නොදමන බව එහි කම්හල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා ලංකාදීපයට ඊයේ (12) පැවසු බව වාර්ථා කර තිබුණි

මේ වන විට කම්හල් තුනකින් කොවිඞ් ආසාදිතයන් හමුවීම නිසා එම කම්හල් වසා දමා ඇතත් එයින් එක් ආසාදිතයෙකු පමණක් හමුවූ කම්හල ඔක් (13) විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ද අනෙක් කම්හල් දෙක තවත් දින කිහිපයක් වසා තබන බවත් ඔහු කියා සිටියේය.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්හල් 87 ක් ඇති අතර එහි සේවක සේවිකාවන් 36,000 ක් පමණ සේවය කරන බවත් මේ දිනවල පවතින ප්‍රශ්න හේතුවෙන් සේවයට පැමිණෙන්නේ 8,000 කට ආසන්න පිරිසක් පමණක් බවත් ප්‍රනාන්දු මහතා පවසා ඇත