මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කටුනායක සීදුව නගරසභාවේ ශ්රිලනිප නාගරික මන්ත්රි වසන්ත මහතා කියා සිටියේ මේ ප්රදේශයේ සියළුම SPA ආයතන හිමිකරුවන් කැදවා නීතිවිරෝධි සියළුම ඒවා වසාදැමිය යුතු බව දන්වා ඇති බවය.
මේ අනුව අගොස්තු 8 වෙනිදා වන විට දැනට SPA හිමිකරුවන් විසින් ලිඛිතව පොරොන්දු වි ඇති ආකාරයට වසා දැමිමට පියවර නොගන්නේ නම් එයට එරෙහිව ගමම එකතුවි ඒවා ඉවත් කිරිමට පියවර ගන්නා බව ශ්රිලනිප නාගරික මන්ත්රි වසන්ත මහතා වැඩිදුරටත් කියා සිටි.
මේ අතර මේ SPA වලින් ගතමනාව මාසිකව ලබාගන්නා ඇතැම් නාගරික මන්ත්රිවරුන්ට සිටින බවට මේ වන විට තොරතුරු හෙළිව ඇතැයි ශ්රිලනිප නාගරික මන්ත්රි වසන්ත මහතා මිපුර කළ විමසුමකදි කියා සිටියේය.